මහේල විසින් විවර කරන ලද ජයග්‍රහණයේ මාවතෙහි තවත් වැදගත් සන්ධිෂ්ථානයක් වූ තිලකරත්න දිල්ෂාන්, ක්ලින්ට් මැකේ දවා ගැනීම සඳහා රැකගත් දර්ශනීය උඩ පන්දුව (ඒ.පී.ඡායාරූපයකි)
සෑම තරගයක්ම ජය ගැනීමට තමාට අවශ්‍ය බවත් ඒ අනුව තමන් හැම තරගයක්ම ජයග්‍රහණය අපේක්ෂාවෙන් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමෙන් පසු පැවසීය.
සෑම තරගයක්ම ජය ගැනීමට තමාට අවශ්‍ය බවත් ඒ අනුව තමන් හැම තරගයක්ම ජයග්‍රහණය අපේක්ෂාවෙන් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමෙන් පසු පැවසීය.
ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයේදී ඔස්ටේ්රලියානු පන්දු යවන්නන්ට එරෙහිව විශිෂ්ඨ පිති ප්‍රහාරයක් දියත් කරමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට කැදවානෙ ගිය මහේල එම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. පන්දු 84 කදී හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 84 ක් ලබා ගත් මහේල එහිදී රැස් කරගනු ලැබුවේ තමාගේ 69 වැනි එක්දින අර්ධ ශතකය වේ.
ඔස්ටේ්රලියාව පරාජය කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහේල, "මේ තරගය දිනුව නිසා අපි දැන් අවසන් පූර්ව තරගයට ඇවිල්ල ඉන්නවා. කොහොමත් අපිට අවසන් පූර්ව තරග හෝ අවසන් මහා තරග කියල වෙනස් මානසිකත්වයකින් ක්‍රීඩා කරන්නේ නැහැ. අපි කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කරන්නේ හැම තරගයක්ම ජයග්‍රහණය අපේක්ෂාවෙන්" යනුවෙන් පැවසීය.
ශ්‍රී ලංකා පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් සිටියදී තමාට ලැබුණු අභියෝගය කෙබඳුද යන්න මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් මහේළ, "විශේෂයෙන් මම ක්‍රිකට් ගහන්නේ හැම තරගයක්ම දිනන්න බලාපොරොත්තුවෙන්. ඒක මට ආවේනික දෙයක්. ඒ නිසා හැම තරගයක්ම ජය ගැනීමේ උනන්දුව සහ ආශාව මට තියෙනවා. ඒක නිසා මේ තරගය නියත වශයෙන්ම ජය ගන්න ඕන නැතිනම් සෙමි µයිනල් එන්න බැහැ කියන මානසිකත්වය මට නැහැ. µයිනල් හෝ සෙමි µයිනල් හෝ වේවා නැති නම් වෙනත් ඕනෑම ක්‍රිකට් තරගයක් හෝ වේවා මට අවශ්‍ය ජයග්‍රහණයම පමණයි" යනුවෙන් මහේල වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කැපී පෙනෙන පිති ප්‍රහාරක් දියත් කළ මහේල ජයවර්ධන එක්දින ක්‍රිකට් ලොව ලකුණු 11000 ක් ඉක්මවු ලොව අට වැනි ක්‍රීඩකයා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම කළ තෙවැනි ක්‍රීඩකයා බවට පත්විය. සිය 394 වැනි එක්දින තරගයේදී මහේල එම දස්කම දැක්වූ අතර ඔහුට පෙර සනත් ජයසූරිය (13430) සහ කුමාර් සංගක්කාර (11231) ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කඩඉම පසු කළ පිතිකරුවන් වුහ.
No comments:
Post a Comment