එල්.ටී.ටී සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුධම් දයා නිධි හෙවත් දයා මාස්ටර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට ඉල්ලුම් කර තිබේ.
ඊයේ දිනයේදී අදාළ ඉල්ලුම් පත්‍රය ඔහු විසින් යොමුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සඳහන් කළේය.
උතුරු පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය එහි මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී රැස්විණ.
යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දයා මාර්ටර් ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු ඊයේ දිනයේ නාම යෝජනා මණ්ඩලයට පැමිණි සිටි බව වාර්තා වේ.
ඒ අතර දෙමළ ජාතික සන්ධානයේ යාපනය නගර සභා මන්ත්‍රීවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ චාවකච්චේරි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වන බව සඳහන්ය.
හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් මානුෂික මෙහෙයුම අවසන් කාලයේ ශ්‍රී ලංකා හමුදාව වෙත භාරවිය.
ඔහු මෙවර උතුරු පළාත්සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය.
No comments:
Post a Comment