නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත් ගුරුතුමිය පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් දණගස්‌සවා තැබීම පසුගිය දිනවල මේ රටේ වඩාත් අවධානය දිනාගත් පුවත විය. මේ එම ගුරුතුමිය තමන් මුහුණදුන් අප්‍රසන්න සිදුවීම අප හමුවේ හෙළි කළ අයුරුය.
"මම ඉගෙනගත්තේ මහ අන්දරවැව විදුහලෙන්. පස්‌සේ මම කැලණි විශ්වවිද්‍යාලයට තේරිලා කලා උපාධිය ලබලා 2005 වසරේදී සිංහල උපාධි ගුරුවරියක් ලෙස නවගත්තේගම ඉසුරු නවෝද්‍යා පාසලට පත්වීමක් ලබලා එදා සිට සිංහල විෂයය දරුවන්ට උගන්වනවා.
ඔබ සිංහල උගන්වනවා නම් ඔබගේ සිසුන්ගේ සමස්‌ත විභාග ප්‍රතිඵලය කෙසේද? ඇයගේ කතාවට මම බාධා කළෙමි.
සියයට අසූඅටයි. මට හැකි උපරිම අයුරින් මා දරුවන්ට ශිල්ප ලබාදෙන්නේ අප විඳි දුක් හිතේ රඳවාගෙනමයි.
ඔබ පාසලේ තනතුරු දරනවාද? මගේ ඊළඟ ප්‍රශ්නයයි.
ඔව් මම ශිෂ්‍ය නායක මණ්‌ඩල ප්‍රධානී. ඒ වගේම 10, 11 ශ්‍රේණි අංශ ප්‍රධානී. විනය මණ්‌ඩල කමිටු සාමාජිකා වගේම පාසල් කළමනාකාර කමිටුවේද සිටිනවා.
විනය මණ්‌ඩල කමිටුවේ කාර්යයන් මොනවාද?
පාසල් දරුවන්ගේ විනය ක්‍රියාමාර්ග පිළිබඳව විදුහල්පතිතුමා ඇතුළු විනය කමිටුව කල් තබාම පාසල් සිසුන් දැනුවත් කර තිබෙනවා. එහි කරුණු බොහෝයි. මේවා ගැන නිතිපතා රැස්‌වීම්වලදීත් උදේත් මතක් කරනවා. දැනුවත් කරනවා. පාසලට ඇතුල්වීමේදී මෙම විනය නීති රීති ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රකාශන පුවරු ප්‍රදර්ශනය කොට තිබෙනවා.
විශේෂයෙන් සිසු සිසුවියන් විවිධ විලාසිතාවලට ගොදුරු වන නිසා පාසල් නිල ඇඳුම, කොණ්‌ඩය, ජංගම දුරකථන ආදිය පිළිබඳව ශිෂ්‍ය නායක නායිකාවන් ලවා පරීක්‍ෂා කරනවා. සෑම උදැසනකම ළමුන් පාසලට ඇතුල් වීමේදී මේ ක්‍රියාමාර්ග සෝදිසි කරන අතර විදුහල්පතිතුමා ද, විනය කමිටුවේ අපි ද මේ ගැන අධීක්‍ෂණ මට්‌ටමින් බලා සිටිනවා. එවැනි වරදකාරී සිසුන් අප ළඟට පමුණුවද්දී අප දරුවන්ට කරුණු කියා දෙනවා. මෙය විනය විරෝධී ක්‍රියාවක්. මෙවැනි දේ යළි කරන්නට එපා. හදාගන්න කියා පළමු වතාවට අවවාද කර යවනවා. කීපවර වරද කරන අය සිටින්නේ අතළොස්‌සයි. දරුවන් බොහෝ දෙනා කීකරුයි.
දිනපතාම වාගේ ගවුම් කොටට තිබෙන දරුවන් දෙතුන්දෙනකු අපට හමුවෙනවා. පහුවදාම ඔවුන් හදාගන්නවා. එහෙම නොකරන කීපදෙනාගේ ගවුම් වාටියේ කොටස් ශිෂ්‍ය නායක නායිකාවන් ගලවා ආපසු කට්‌ටක් දෙනවා ගහගෙන හෙට වාටිය දික්‌කරගෙන එන ලෙසට. දණහිසෙන් පහළට වාටිය දික්‌කර ගන්නවා පහුවදාම. මේක පාසලේ පිළිගත් විනය නීති ක්‍රියාමාර්ගයක්. දරුවන්ද, දෙමාපියන් ද මේවා ගැන හොඳට දැනුවත් වී සිටිනවා. පාසලට ළමුන් ඇතුළත් කර ගන්නේත් මේ ගැන දැනුවත් කරලයි. දැන්වීම් පුවරුත් ප්‍රදර්ශනය කර තිබෙනවා.
පසුගිය සතියේ සිකුරාදා (14 දාත්) මේ විදියේ පරීක්‍ෂාවක් කළා. අඩු පාඩු තිබුණු ගෑනු ළමුන් 7-8 දෙනෙක් හමුවෙලා මේ විදියට වාටි ලෙහුවා. මේක පාසලේ සාමාන්‍ය විනය කටයුත්තක්.
මම පංතියේ උගන්වා පාසල ඇරුණු පසු, මගේ මහත්තයයි, දරුවයි මහඋස්‌වැව පාසල ඇරී යතුරුපැදියේ එනතුරු මා විදුහලේ නිදහස් එළිමහන් මඩුවක කොන්ක්‍රීට් ආසනයක වාඩි වී සිටියා.
එතකොට පාසල ඇරිලා දරුවෝ දෙතුන් දෙනකුයි, නියෝජ්‍ය විදුහල්පතිතුමයි, අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ කීපදෙනකුයි හිටියා. එකවරටම මා ළඟට කාන්තාවක් ආවා. ඇය සුදු ගවුමක් ඔසවාගෙන කෑගැහුවා. බැණ වැදුණා. ඔහොමද අපිට කරන්නේ කියා නොසරුප් ලෙස නිග්‍රහ වන ලෙස මට බැණ වැදී "හරි අපි බලාගමුකෝ" කියා බැණ බැණම ගියා. ඒ ඔය පළාත් සභා මන්ත්‍රීගේ බිරිඳයි. මම ඒ වෙලාවේ කිව්වේ ගවුම ලෙහුවා තමයි. මේ ගැන පැමිණිලි කරන්න ඕනෑ නම් උඩහ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඉන්නවා. එයාට කියන්න කියලයි.
ටික වෙලාවකින් නියෝජ්‍ය විදුහල්පතිතුමයි, කාර්ය මණ්‌ඩලයයි මා සිටි තැනට ආවා. එතකොටම වගේ ඒ මහතාට දුරකථන ඇමතුමක් ආවා. ඇමතුම ඉවර වී එයා ඇහුවා "මන්ත්‍රීතුමාගේ දුවගේ ගවුම ලිහුවද" කියා. මං දන්නේ නෑ ඒ ළමයා කාගේ කවුරුද කියලා. හැමෝටම ඒ නීතිය ක්‍රියාත්මක කළා කියලා. "ඒ වුණාට එයා නිදහස් කරන්න තිබුණ නේ. දැන් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ..." කිව්වා.
ටික වෙලාවකින් කවුදොa කිව්වා මන්ත්‍රීවරයා ආවා කියලා. වාහනේ පාර ඉස්‌සරහ නතර කළා. මට කිව්වා කවුදොa හැංගෙන්න ඉක්‌මනට මෙතැන මොනවා වෙයිද දන්නෙ නෑ කියලා. මම ඉක්‌මනට දුවලා ගිහින් ඈත පිටුපස්‌සේ ගොඩනැඟිල්ලක් පස්‌සේ හැංගිලා හිටියා. මට ඇහුණා මන්ත්‍රීවරයා පාසලට ඇවිත් කෑකෝ ගහනවා "කොයි අරකි, ඒකි මං හොයනවා. කිය කියා පංති කාමර, ගොඩනැඟිලිවල මාව හොය හොයා ඇවිද්දා. මට ඇහුණ කෑගගහ බනිනවා කුණුහරුපෙන්. මම බයේම හැංගිලා හිටියා. මාව වෙවුලනවා බයටම.
පස්‌සේ එයා මාව හොයලා බැරි තැන අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ අයකුට කියලා පාසල් ගේට්‌ටුවේ ඉබි යතුර ගෙන්නාගෙන ගේට්‌ටුවට ඉබ්බා දාලා යතුර අරගෙන ගිහිල්ලා. ඊට කලින් පංති කාමරවල හවස පංතිවල සිටි ළමුන්ට බැනලා "දුවපියව්" කියලා එළවලා. ළමයි බයේම දුවලා. කරාටේ උගන්වන්න ගුරු මහත්මයෙක් ඉඳලා එයාටත් බැණලා. "උඹලා දන්න කරාටේ මම උඹලට වැඩිය කරාටේ දන්නවා දුවපියව්..." කියලා.
පස්‌සේ සද්දේ අඩුවුණාට පස්‌සේ මම එළියට ආවා. කට්‌ටිය ළඟට ආවත් අපිට යන්නට බෑ ගේට්‌ටුව වහලා. පස්‌සේ එහා වත්ත පැත්තෙන් යන්න සූදානම් වෙද්දී මන්ත්‍රීවරයා කැබ් එක අරගෙන ඒ පැත්තෙන් ආවා. මං දුවලා ආපහු පාසල් වත්තේ මැද පාර ගහ අසලට ආවා. මන්ත්‍රීවරයා පොල්ලක් අරගෙන කොට කලිසමක් ගහගෙන යකෙක් වගේ ආවා. කුණුහරුපෙන් බැන ගෙන මා ඉදිරියට ආවා. ඔහු දිගටම බැන්නා. වචන දාහක් විතර ඒ ටිකට කතා කර කර බනින්න ඇති. ඒවා ලියන්න කියන්න තරම් බැරි තරමේ කුණුහරුප... මගේ දරුවගේ ගවුමේ වාටිය ගලවපු උඹේ ඇඳුම් ගලවනවා, නිරුවත් කරලා පාරේ ඇවිද්දවන්නයි මං ආවේ... තොට මං...
හුඟාක් කුණුහරුප කීවා.
මං කිව්වා මගේ අතින් වරදක් වුණා නම් සමාවෙන්න කියලා..
"සමාවෙන්න, සමාව ගන්න ඕනි උඹ මගෙන් නොවෙයි. මගේ දරුවගෙන් දණ ගහලා සමාව ගනින්. මේ දැන්ම කරපන්. නෑ සඳුදට ප්‍රසිද්ධ රැස්‌වීමේ මගේ දරුවගේ දෙපා අල්ලලා සමාව ගනින් කියලා මට ගහන්න පොල්ල ඉස්‌සුවා. මන්ත්‍රීතුමා මට ගහන්න එපා. මට සමාවෙන්න කියලා මං බයටම කිව්වා. එතකොට මන්ත්‍රීවරයා "පර බැල්ලි මං ඉස්‌සරහම දණගහපිය කියලා පොල්ල ඉස්‌සුවා ගහන්න. මම දණගැහුවේ නෑ. තුන්සැරයක් විතර කියලා ගහන්නම හැදුවා. මං අසරණ වුණා. මං හයියෙන් ඇඬුවා. නෑ මං දන්නෙම නැතිව ඇඬුණා. මං දන්නෙම නැතිව දෙපා කඩාවැටුණා. ලෝකයේ මං තනිවුණා. අසරණ උණා වගේ හිස් හැඟීමක් මට ඇතිවුණා. මට මතක මං ඉදිරියේ රාක්‍ෂයෙක් වගේ අයෙක් ඉන්නවා වගෙයි. ඒ වෙද්දිත් මට දිගටම කුණුහරුපෙන් බනිනවා. එයා එහෙම විනාඩි පහක් විතර බැණලා ආපහු හැරිලා යන්නට හැදුවා. මං හිතුවා යනවා කියලා. නැගිටින්ට හැදුවා. එයා ආපහු හැරිලා බලලා ළඟට ඇවිත් "පර බැල්ලී දණගහපිය" කියලා දෙවන වතාවටත් මාව දණගැස්‌සුවා. මං ආයෙත් අසරණ වුණා. අනේ මං වගේ පවුකාරියක් කියලා හිතිලා දිගටම ඇඬුණා. වටේ බලා සිටි අයත් අසරණයි. හුඟාක් වෙලා බැණ බැණ ඉඳලා එයා ගියා. මං විනාඩි විස්‌සක් විතර දණගහගෙන ඔහේ හිටියා. ඊටත් වැඩිද මන්දා. මට මුළු ලෝකෙම කැරකෙන්න වාගේ දැනුණේ. මහා හිස් හැඟුමක් මට දැනුණේ.
ඇය කීවේ එපමණකි.
එහෙත් ඇයගේ කතාව අසා සිටි අපට කියන්නට දෙයක් තිබේ. මේ නරුම දේශපාලන සංස්‌කෘතිය පෝෂණය කළේ අපිමයි. මෙවැනි අම්බාවරුන්ට බලය දුන්නේ අපිමයි. නිවැරදි තීරණ ගතයුතු අවස්‌ථාවේ හිතවත්කමට, ලාභ ප්‍රයෝජනයට තීන්දු ගැනීමේ ප්‍රතිඵල දැන් රට වටෙන්ම ලැබෙමින් තිබේ.

No comments:
Post a Comment