Tuesday, June 25, 2013

Gossip lanka news - අභිරහසක්‌ ඉතිරිකර නාවලපිටියේ ගුරුවරිය මහවැලි ග‍ෙඟ් සැගවේ



ගුරුවරිය ගඟට පැන්න ස්‌ථානයේ තිබූ අත්බෑගය හා අනෙකුත් භාණ්‌ඩ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ ස්‌ථානාධිපති විජිත කුමාර මහතා ඇතුළු නිලධාරි කණ්‌ඩායම

නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක නාවලපිටිය බවුවාගම පාලමෙන් මහවැලි ගඟට පැන සිය දිවි හානි කරගෙන ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය ජනපදයේ පදිංචිව සිටි ඉෂාන්ති වෑවලගෙදර නමැති 45 හැවිරිදි දෙදරු මවකි.

නාවලපිටිය බවුවාගම පාලම උඩ තිබූ සෙරෙප්පු දෙකක්‌, කුඩයක්‌ හා අත්බෑගයක්‌ දැක ඇති ත්‍රිරෝද රථ රියෑදුරකු ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට දැන්වීමෙන් පසු නාවලපිටිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.


එම පරීක්‍ෂණවලට අනුව ඇය මහවැලි ග‍ඟට පැන්න තැන සිට කිලෝමීටර් එකහමාරක්‌ පමණ දුරින් වූ දොරවාදෙණිය ප්‍රදේශයේ අකුලක රැඳී තිබී මෙම ගුරුවරියගේ සිරුර සොයාගෙන තිබිණි.

මෙම ගුරුවරිය ඊයේ (25 දා) උදැසන ඉඹුල්පිටිය මාර්ගය ඔස්‌සේ පැමිණෙන අයුරු දැක ඇති ලොරි රථ රියෑදුරකු ඒ බව නාවලපිටිය පොලිසියට දන්වා තිබිණි.

ඇය සිය දිවි හානිකර ගැනීමට හේතුව ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නොතිබූ අතර ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් තිබිණි.

පරීක්‍ෂණ කටයුතු සඳහා ගොඩගත් සිරුර නාවලපිටිය රෝහල වෙත රැගෙන යැමට පියවර ගෙන තිබිණි.

ගම්පොල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස්‌ අධිකාරි කපිල සෙනෙවිරත්න, නාවලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක විජිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත උ.පො.ප. සුගත් විඡේසිංහ මහතා ඇතුළු නිලධාරි කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති.

No comments:

Post a Comment