පසුගියදා මලයාසියාවේ පැවති ආසියානු විවාහක රූ රැජන තරගයේ කිරුළ දිනා ගැනීමට අපේ යුවතියක් සමත් වුණා. ඇය නිලංගා සේනානායක. අපේ රටට මෙම කිරුළ අත්පත් වුණු දෙවන අවස්ථාව මෙයයි. පළමු කිරුළේ හිමිකාරිය වුණේ ශි්රමාලි ෆොන්සේකාය. මේ නිලංගා සේනානායක සමඟ අප කළ කතාබහක්.
”මලයාසියාවේ තමයි මේ තරගය පැවැත්වුණේ. අවසන් තරගය තිබුණේ 16 වැනිදා. ආසියාතිත රටවල් 30 ක් පමණ මෙම තරගයට සහභාගී වෙලා හිටියා. ඒ තරගකරුවන් සියලු දෙනාම අතරින් තමයි මට කිරුළ හිමිකරගන්න හැකි වුණේ.
කිරුළ පළඳද්දි ඔබට මොනවද හිතුණේ?
මට මගේ මහත්තයවයි (අර්ජුන සේනානායක) මතක් වුණේ. ඇත්තට ම මේ ජයග්‍රහණයේ දැවැන්ත හෙවණැල්ල වුණේ ඔහු.
ඔබ තවත් අංශයකින් ජයග්‍රහණය කළා කියලත් ආරංචි.
ඔව්. මේ තරගාවලියේම ‘බෙස්ට් මොඩ්ල්’ හෙවත් හොඳම නිරූපිකාව කියන අනුඅංශයෙනුත් ජයග්‍රහණය කරන්න මට පුළුවන් වුණා.
ඔබ කොහොමද ලාංකේය අභිමානය ලෝකයට විදහා පෑවේ
මගේ ඇඳුම් ආයිත්තම් වලින්. මට ඕනෑ වුණා ලංකාවේ පෞරාණික බව ලෝකයටම පෙන්වන්න. එහිලා සංකේතය විදිහට මම තෝරා ගත්තෙ සඳකඩ පහනයි. ඉතින් ඒ සංකේතය මම මගේ ඇඳුම්වලට යොදා ගත්තා.
ඔබට හිතෙන විදිහට මේ තරගයට සහභාගී වීමට ඔබට තිබූ සුදුසුකම් මොනවද?
මම වෘත්තීමය මෝස්තර නිරූපිකාවක් මෙන් ම රූපලාවණ්‍ය ශිල්පිනියක්. මම මේ ක්ෂේත්රයේ නියළිලා ඉන්නේ දැනට වසර 15 ක පටන්. නිරූපිකාවක් ලෙස මගේ රූපය, පෞරුෂය සහ විශේෂයෙන් ම මගේ පවුල් ජීවිතය හා වෘත්තීය ජීවිතයේ සමබරතාව දෙස බලලයි මාව මේ තරගය නියෝජනය කරන්න තෝරා ගත්තේ.
කවුද ඔබව තෝරා ගත්තේ?
වාසනා දන්තනාරායන ප්රමුඛ Randv ආයතනයයි.
වසර 15 ක අත්දැකීම් මේ තරගයට ප්‍රමාණවත් වුණැයි ඔබ සිතනවාද?
ඔව්. මම 2001 ලංකාවේ හොඳම නිරූපිකාව ලෙස තේරී පත් වුණා. ඒ වගේම මේ තරගය වෙනුවෙන් මම විශේෂ හැදෑරීම් පවා කළා. ඉතින් ඒ අත්දැකීම්වල ප්‍රතිඵලයක් තමයි මගේ ජයග්‍රහණය.
එතකොට මොකක්ද ඔයාගේ ඊළඟ අරමුණ? ලෝක විවාහක රූ රැජන වීම.
මේ තරගයේදී ඔබේ සැමියටත් සම්මානයක් ලැබුණාලු නේද? ඔව්. ’Best Supporting Husband’ සම්මානය ඔහුට ලැබුණා. එයාගේ උදව් නිසයි මේ කිරුළ මට ලැබුණේ කියලා විනිසුරු මඬුල්ලටත් තේරුණා.
No comments:
Post a Comment