Friday, June 28, 2013

GOSSIP LANKA - X-RAY අවියක්‌ යොදාගෙන ජනාධිපති ඔබාමා ඝාතන කුමන්ත්‍රණයක්‌




ඇමරිකානු ජනපති බැරැක්‌ ඔබාමා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට එරට එµa.බී.අයි. නිලධාරීන් සමත්වී ඇත.

ග්ලෙන්ඩන් ස්‌කොට්‌ ත්‍රැව්ෙµdර්ඩ් හා එරික්‌ ඡේ. ෙµ්‍රaට්‌ යන දෙදෙනා එක්‌ස්‌රේ අවියකින් ඇමරිකානු ජනාධිපතිවරයා ඝාතනය සඳහා සූදානම් වී ඇත.

මෙම අවිය සමූහ ඝාතන අවියක්‌ ලෙස යොදා ගැනීමට මේ දෙදෙනා සූදානම් වී තිබේ.

මේ සම්බන්ධව අත්අඩංගුවට ගත් ග්ලේන්ඩන් පවසා ඇත්තේ බොස්‌ටන් බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තේ ජනාධිපති ඔබාමා බවය.


ඔහුගේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති නිසා මුස්‌ලිම්වරුන්ට පහසුවෙන් ඇමරිකාවට ඇතුළුවීමට හැකිව තිබෙන බව මේ සැකකරුවා ප්‍රකාශ කර ඇත.

කවරක්‌ නමුත් මේ එක්‌ස්‌ රේ අවිය ආරක්‍ෂක අංශ විසින් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැත.

ඇමරිකාවේ 44 වැනි ජනාධිපති ඔබාමා ඝාතනය කිරීම සඳහා සිදුකළ කුමන්ත්‍රණ හෙළිකර ගැනීමට එරට ආරක්‍ෂක අංශවලට හැකිවිය. 2007 වසරේ සෙනෙට්‌ සභිකයකු ලෙස ඔහු ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වෙද්දීත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ ඇමරිකානු රහස්‌ ඔත්තුසේවා මගින් අනාවරණය කෙරිණි. ඔබාමා ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙද්දී ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ සුදු ආධිපත්‍යය රැක ගැනීම වෙනුවෙන් සිටි අන්තවාදීන් පිරිසකි. එමෙන්ම පසුගිය වසර කිහිපය පුරාම ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජීවිතයට හානි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් ගණනාවක්‌ම අත්අඩංගුවට ගැනිණි. 2011 දී ඔස්‌කාර් ටේරෝ නම් පුද්ගලයා ධවල මන්දිරයේ ඇමරිකානු ජනාධිපති පවුල වෙසෙන කොටසේ ජනේලයක්‌ වෙත වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කළේය. කවරක්‌ නමුත් මේ ප්‍රහාරය එල්ලවන විට ඔබාමා ධවල මන්දිරයේ රැඳී සිටියේ නැත.

No comments:

Post a Comment