මාස තුනකට සැරයක් සභාවට ඇවිත් යන චිත්රපට නිළි අනර්කලී ආකර්ෂා මන්ත්රිවරියට සභා රිති ටික උගන්වන්නැයි දකුණු පළාත් සභා රැස්වීමේ දී එජාප මන්ත්රි විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු මන්ත්රීවරුන් පිරිසක් සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලා සිටියහ. ඊයේ (25) සභාව රැස් වූ අවස්ථාවේදී අශෝක ධනවංශ (එජාප) මහතා නැගී සිට විපක්ෂ නායක රනිල් වික්රමසිංහට මහතාට බලපිටියේ දී එල්ල වූ මැර ප්රහාරයට විරෝධය පළ කරන්නට විය. එම අවස්ථාවේ අනර්කලී ආකර්ෂා මන්ත්රිවරිය නැගී සිට ධනවංශ මහතාගේ කතාවට බාධා කරමින් එජාපයේ අර්බුද ගැන විමසන්නට පටන් ගැනීමත් සමග මන්ත්රිවරුන් ඇයට උසුළු විසුළු කරන්නට වූහ.
“මාස තුනකට සැරයක් එනවා..,මොනවද මෙයා කතා කරන්නේ..,මෙයාව වාඩි කරවන්න..,” යැයි කියමින් මන්ත්රිවරුන් කෑගසන්නට පටන් ගැනීමත් සමග සභාව ගාලගෝටියක් බවට පත්විය. එම අවස්ථාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා අනර්කලී ආකර්ෂා මන්ත්රිවරියට අසුන් ගන්නා ලෙස නියෝග කළේය. අනර්කලී ආකර්ෂාට සභා රීති උගන්වන්නැයි මන්ත්රිවරුන් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඇය නිහඬව අසුන් ගත්තාය.
munta chande dipu ayata gahanna ona....
ReplyDeleteanarkalilala monawada danne...