Thursday, June 27, 2013

gossip lanka - මට සිහිය එනවිට හිටියේ ගිලන් රථයේ : බිරිඳ හා නංගී මියගිය බව උදේ දැනගත්තා

train-acci3අපි ‍පොසොන් බලන්න ගියේ හරිම සතුටින්. අපි යද්දී අලුත්ගමට මහ වරුසාව. තොරණක් බලන්න කියල හරස් පාරකට වාහනය හරවනවා මතකයි. මට ඊට පසුව සිදුවූ දේ මතක නැහැ. මට බිරිඳ හා නැගණිය අහිමි වුණා යැයි පසුගියදා (25) රාත්‍රියේ අලුත්ගම ගනේගම අනාරක්ෂිත හරස් මාර්ගයේදී සිදුවූ වෑන් - දුම්රිය ගැටුමෙන් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටින තාරක බටුවන්තුඩාව (අවු. 23) යන අය කීය.
සිද්ධියෙන් මිය ගියේ කළුතර දොඩම්ගොඩ  අඹගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ ඉෂාරා බිනරමලී බටුවන්තුඩාව, කළුමැදිරිය කංකානම්ගේ රාණි (අවු. 54), ජාවිගොඩගේ රශ්මි කවිශානි (අවු. 20), ජාවිගොඩගේ ලක්මි මධුෂානි (අවු. 23), ජයවර්ධන මහමුදලිගේ ධම්මිකා (අවු. 32), දසනායක මුදියන්සේලාගේ දිනේෂිකා මදුෂානි (අවු. 12) යන අයයි.
වාහනයේ රියැදුරු සුනිල් ශාන්ත, ඔහුගේ පුත් කසුන් ජයවර්ධන (අවු. 07), කේ. වංශපාල (අවු. 52), කළණ (අවු. 18) තාරක බටුවන්තුඩාව (අවු. 23) යන අය මෙම සිද්ධියෙන් තුවාල ලබා සිටියි.
සිද්ධියෙන් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබන තාරක බටුවන්තුඩාව (අවු. 22) තවදුරටත් අදහස් දක්වමින්. 

මෙම අනතුරින් මිය ගිය ලක්ෂ්මි මධුෂානි මගේ බිරිඳ, මිය ගිය ඉෂාරා බිනරමලි බටුවන්තුඩාව මගේ නංගී. අපි විවාහ වෙලා හරියටම මාසයයි. මම රැකියාව ලෙස ගොවිපළක් පවත්වාගෙන යනවා. ‘‍පොසොන් බලන්න යමු’ කියල කතා කළාම අපිත් සතුටින් ගියා. බේරුවල අලුත්ගම පැත්තේ තිබූ ‍පොසොන් නරඹමින් අපි ගියා.”
“රාත්‍රී 7 පමණ වන විට අලුත්ගමදී මහ වරුෂාවක් ආවා. ‍පොසොන් තොරණ බලන්න අපි ගනේගම හරස් මාර්ගයට හැරෙව්වා. ඉන් පස්සෙ වෙච්ච දේ මට හීනයක් වගෙයි. මට සිහිය එනවිට මා හිටියේ ගිලන් රථයේ. බිරිඳ හා නංගී මිය ගිය බව උදේ දැන ගත්තා.
කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා පසුගියදා (26) උදේ කළුතර මහ රෝහ‍ලේ මෘත ශරීරාගාරයට පැමිණ මළ සිරුරු නිරීක්ෂණය කළ අතර ඒ වනවිටත් ඒ අවට විශාල පිරිසක් රැස්වී සිටියහ.trainacci1ඒ අතර සිටි දිද්දිකියන මාතරගේ සෝමාවතී (අවු. 59) මාතාව අප සමග මෙසේ කීවාය.
මට දරුවන් සිව් දෙනකු සිටිනවා. මිය ගොස් සිටින ධම්මිකා මගේ දුවක්. ඇගේ දුව වන දිනේෂිකා මධුෂානිත් මේ අනතුරින් මිය ගියා. මේ අය ගිය වෑන් රථය පැදවූයේ මගේ බෑණා වන සුනිල් ශාන්තයි.
බෑණා කළේ පපඩම් ව්‍යාපාරයක්. පපඩම් කඩේකට දාලා ‍පොසොන් තොරණ බලල එමු  කියල බෑණා කිව්වා. මටත් යන්න කතා කළා. ඊට කලින් දවසේ මම ‍පොසොන් බලන්න ගිහින් තිබුණ නිසා අදත් යන්න බැහැ මට නිදිමතයි මම නිදා ගන්නවා කියල මම ගමන යන්නේ නැතුව නැවතුණා.
මිය ගිය මධුෂානි දුව ගවුමක් ඇඳගෙන යන්න හැදුවාම එයාගෙ අම්මා මගේ ධම්මිකා දුව එයාට කිව්වා ගවුම කොටයි කලිසමක් ඇඳගෙන එන්න කියලා. එහෙනම්  මට යන්න බැහැ කියල මධුෂානි දුව කිව්වා. පසුව එයාගේ යාළුවෙකුත් ඒ ගමනට එක්වූ පසු මධුෂානි දුව ගමන යන්න කැමති වුණා. පස්සෙ කට්ටියම සවස 5.45ට පමණ ගමන යන්න පිටත් වුණා. මේ අනතුර ගැන රාත්‍රියේ අපට දැන ගන්න ලැබුණා.
කළුතර මහ රෝහ‍ලේ මෘත ශරීරාගාරය අසල සිටි වජිර රවීන්ද්‍ර බඩුවන්තුඩාව යන අය අප සමග මෙසේ කීවේය.
මෙම සිද්ධියෙන් මගේ දුව වන ඉෂාරා බිනරමලීත් ‍ලේලිය වන ලක්ෂ්මි මධුෂානිත් මිය ගියා. පුතා වන තාරක බටුවන්තුඩාව තුවාල ලබල රෝහ‍ලේ ප්‍රතිකාර ලබනවා.
මට හිටියේ දුවල දෙන්නයි පුත්තු දෙන්නයි. මගේ දුවල දෙන්නම අකාලයේ මිය ගියා. එක දුවක් බෙහෙතක් වැරදිලා මැරුණා. මේ අනතුරින් මිය ගිය බිනරමලී අනෙක් දුවයි. මිය ගිය ලක්ෂ්මි පුතාගේ බිරිඳයි.
මෙම සිද්ධියෙන් පසුව අලුත්ගම ප්‍රදේශයේ ජනතාව දුම්රිය මාර්ගය හරස් කරමින් හා ගාලු පාර අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූ අතර මේ හේතුවෙන් ගාලු පාරේ වාහන ගමනාගමනයටද බාධා එල්ල විය.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම ස්ථානයට පැමිණ තාවකාලික ගේට්ටුවක් මෙම දුම්රිය හරස් මාර්ගයට යොදන බවට ‍පොරොන්දු වූ පසු පිරිස් විසිර ගියහ.
මෙම අනාරක්ෂිත දුම්රිය මාර්ගයේ තාවකාලික ගේට්ටුවක් දමා තිබූ අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා විශේෂ ‍පොලිස් කණ්ඩායමක්ද යොදවා තිබුණි.
train-acci2
කම්පාවට පත් කුඹුරේගම වැසියෝ විලාප නගති
දොඩම්ගොඩ අඹගහකුඹුර ප්‍රදේශයේ සිට අලුත්ගම ප්‍රදේශයට යමින් සිටි දහතුන් දෙනකු රැගත් වෑන් රථයක් ඉකුත් 25 දා කොළඹ සිට මාතර බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත් වී පස් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටී.
මේ අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ මේ පිරිස රැගත් වෑන් රථය අලුත්ගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා යමින් සිටියදීය.
අවාසනාවන්ත අන්දමට මෙසේ මියගොස් ඇත්තේ අඹගහකුඹුරේ පදිංචි කාන්තාවන් පිරිසකි. රියැදුරු තුවාල ලබා ඇත.
හදිසියේ මියගිය පිරිස අතුරින් එකම පවු‍ලේ තිදෙනෙක්ද තවත් පවුලක දෙදෙනෙක්ද වෙති. ඔවුන් අතර මෑතකදී විවාහ වූ කතක් ඇතුළු උසස් පෙළ හදාරණ සිසුවියක්ද වෙති.
මුළු රටම කම්පාවට පත් වූ මේ අනතුරින් දොඩම්ගොඩ කුඹුරේගම වැසියෝ විලාප නගති.

No comments:

Post a Comment