බාලවයස්කාර දැරිවියක් මව්පියන්ට හොර රහසේ පැහැර ගෙන ගොස් ඇය සමග මාස 09 ක කාලයක් අඹු - සැමියන් ලෙස ගත කර පසුව දෑවැද්ද ඉල්ලමින් ඇයට පහර දෙන බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15 ක බාලවයස්කාර දැරිවියක්වය. පැහැර ගැනීමට ලක්වී ඇති දැරිවිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින සැකකර දැරිවියව ඇයගේ මව්පියන්ගේ බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇත.
මාසයක පමණ කාලයක් සැකකරුගේ පියා පදිංචිව සිටින කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක දෙදෙනා ජීවත්වී ඇති අතර ඉන් පසුව තවත් මාස 02 ක කාලයක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඥතියෙකුගේ නිවසේ ගත කර ඇත.පසුව දෙදෙනාම වෙන්නප්පුව - කොලින්ජාඩියේ පිහිටි සැකකරුගේ මවගේ නිවසට පැමිණ ඇත.
මෙම කාල සීමාව තුළ සැකකර දැරිවිය සමග අඹු - සැමියන් ලෙසද ජීවත්වී ඇත.ඒ අතර තුර සැකකරු සහ ඔහුගේ මව නිරන්තර දැරිවියට පහර දෙමින් දෑවැද්ද විමසා ඇත.තමන් පත්ව සිටින තත්ත්වයෙන් මිදීමට නොහැකි තැන ඇය මේ බව වෙන්නප්පුව පොලීසියට පැමිණිළි කරමින් පවසා ඇත.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
No comments:
Post a Comment