Saturday, June 15, 2013

පැමැලා සහ තවත් නිරූපිකාවක් අඩනිරුවතින් අශ්ලීල අන්දමට නැටුමක

‍ෙටලි වෘත්තාන්තවල රඟපෑමෙන් වඩාත් ජනප්‍රියත්වයට පත්වූ පැමලා ඇන්ඩර්සන් ගේ ජනප්‍රියත්වය තවමත් නොසිඳී තිබෙනවා. ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව ලබාගන්නට උපන් හපන්කම් දක්වන ඇය, මෑතකදී රූපවාහිනී වෙළෙඳ දැන්වීමක රඟපෑවා. මේ වෙළෙඳ දැන්වීම නිර්මාණය වුණේ වෙබ් අඩවි නිර්මාණය කරන මහා පරිමාණයේ වෙළෙඳ සමාගමක් වෙනුවෙන්. ‘ඩ්‍රීම්ස් කේප්නෙට් වර්ත්ස්’ නම් වූ එම ආයතනයේ ප්‍රචාරක කටයුත්තකට නිර්මාණය වූ මේ වෙළෙඳ දැන්වීම ඇමෙරිකානු රූපවාහිනී නියාමන අධිකාරියේ තහනමට ලක්වෙලා.
මේ තහනමට හේතුව, පැමැලා සහ තවත් නිරූපිකාවක් අඩනිරුවතින් අශ්ලීල අන්දමට නැටුමක
යෙදිමයි. මේ නර්තනයට කලින් දිග හැරෙන දර්ශනයේ ඇතුළත් වන්නේ පැමලා ඇන්ඩර්සන් කෝපි කෝප්පයක් පානය කරන අවස්ථාවක්. එහිදී වඩාත් මතුකර පෙන්වන්නෙ අඩක් නිරාවරණය වූ ඇයගේ ළැම පෙදෙසයි. ඉන්පසුව දිස්වන නර්තන රංගනයේ දී පැමලා සහ තවත් යුවතියක් හැඳ සිටින්නේ නාන ඇඳුම්.
මේ දර්ශන නුසුදුසු බව සඳහන් කළ ඇමෙරිකානු රූපවාහිනී නියාමන අධිකාරිය, නැවත වෙළෙඳ දැන්වීම විකාශය කළ හැක්කේ ඒ අඩනිරුවත් දර්ශන ඉවත් කිරීමෙන් පසුව බව නියෝග කළා.

No comments:

Post a Comment