නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.
ඒත් අවාසනාවක හැටි. අපට නෙතුකි එක්ක කතා කරන්න බැහැ. ඒ අපි අහන කිසිම දෙයකට උත්තර දෙන්න තරම් නීරෝගීකමක් ඇය තුළ නැති නිසා. ඒ නෙතුකි උපතින්ම ශ්‍රවණාබාධිත දරුවකු හින්දා.
“අපි කවදාවත් හිතුවේ නැහැ අපට ලැබුණු දරුවා මෙහෙම දරුවෙක් වේවි කියලා”
අවුරුදු එකහමාරක් විතර වෙනකම් අපි කිසිම වෙනසක් ඇගෙන් දුටුවේ නැහැ. සාමාන්‍ය ළමයෙක් විදිහට තමයි ඇය උන්නේ”
නෙතුකි දුවගේ අම්මා අනුෂ්කා රසාංජලී අපි එක්ක කිව්වා.
අනුෂිකා වෘත්තියෙන් ගණකාධිකාරිනියක් හැටියට පෞද්ගලික සමාගම වැඩ කළා. මේ නිසා බොහෝ වේලාවට ඇයට දරුවා ළඟ ඉන්න බැරි වුණා.
ඒත් වැඩ ඇරිලා ගෙදර ආපසු ඇය නෙතුකි ළඟින් හෙල්ලුණේ නැහැ.
“අපි වැඩ ඇරිලා ගෙදර එන්නේ මෝටර් සයිකලේ. ඉතිං ඒ සද්දෙට සාමාන්‍යයෙන් පුංචි අවධානය යොමු කරනවනේ. ඒත් අපේ දුව ඒකට ප්‍රතිචාර දැක්වූවේ නැහැ. මෙන්න මේ නිසා තමයි අපි හලාවත රෝහලට ගිහින් දුවව පෙන්නුවේ”

කොහොම හරි මේ විදියට ඔවුන් කළ වෛද්‍ය පරීක්ෂණ කීපයකින් පසුව තමයි නෙතුකි දුව ශ්‍රවණාබාධිත තත්ත්වයට පත්වූ දරුවෙක් කියලා දැනගත්තේ”
“ඇත්තම කියනවා නම් එදා අපේ ලස්සන ලෝකය කඩා වැටුණා. දුව ගැන හිතලා අපි දෙන්නම ඇඬුවා. එයා ගෑනු ළමයෙක් නිසා එයාගේ අනාගතය කොහොම වේවිද කියලා හිතලා අපි වේදනා වින්දා”හැබැයි නෙතුකි දුවව පරීක්ෂා කරලා බලපු වෛද්‍යවරු අනුෂ්කා සහ නෙතුකි දුවගේ තාත්තට අභියෝගයක් වන උපදෙසක් දුන්නා.
“දුව සනීප කරගන්න පුළුවන්. හැබැයි ලක්ෂ 32ක් විතර ඔයගොල්ලන්ට හොයා ගන්න වෙනවා”
වෛද්‍ය නියමය වුණේ කර්ණසංඛ බද්ධ ශල්‍යකර්මය මගින් නෙතුකිට ශ්‍රවණ තත්ත්වය යළි ලබාදිය හැකි බවයි.
“මේ වෙද්දි මම රස්සාවෙන් ඉවත් වෙලයි හිටියේ. මොකද අපේ දරුවා ලෙඩෙක් කියලා දැනගත්තාම මට හැම දෙයක්ම එපා වුණා. වැඩිපුර දරුවා ගැන හිතිය යුතුයි කියලා හිතුවා.”
නෙතුකි දුවගේ තාත්තා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. ඒ නිසාම ඔවුන් සල්ලි තියෙන අය එහෙම නමෛයි.
“ලක්ෂ 32ක් හොයා ගන්න වෙනවා කියලා වෛද්‍යවරු කියන වේලාවේත් අපි හුඟක් අසරණ වුණා. ඒත් අන්තිමට හිතුවා දුව වෙනුවෙන් කොහොම හරි මේ මුදල හොයා ගන්නවා කියලා.”
අද වෙද්දි නෙතුකි දුවගේ අම්මා තාත්තා, අක්කා ඉන්නේ සටනේ. ඒ කියන්නේ ලක්ෂ 32 සොයා ගැනීමේ දුෂ්කර කටයුත්තේ.
“මේ වෙද්දි ජනාධිපති අරමුදල සමාජ සේවා අරමුදල වගේ තැන්වලට අපි අපේ දුක ලියලා තියෙනවා දුව වෙනුවෙන් අපිට සහනයක් ලැබේවි කියන විශ්වාසය තුළ ඉඳගෙන අපි දැන් වැඩ කරනවා”
“නෙතුකි දුව ක්‍රියාශීලියි. කන් දෙක ඇහෙන්නේ නැති වුණත් ඇය අම්මලා සමග ඇයට හැකි විදිහට ගනුදෙනු කරනවා. හැබැයි ඒවා බොහොම සංවේගජනකයි”.
“සමහර වෙලාවට දුව අපිව ඇදගෙන ගිහින් එයාට වුවමනා දේ පෙන්නලා ඉල්ලනවා. නැත්නම් අතපය හසුරවලා කියනවා. ඇත්තම කියනවා නම් ඒ වෙලාවට අපිට දැනෙන දුක වේදනාව වචනවලට පෙරළන්න බැහැ. හරිම වේදනාවක් හිතට දැනෙනවා. ඇයි අපේ දුවට මෙහෙම වුණේ කියලා හිතෙනවා”
ඒ කොහොම වුණත් දැන් නෙතුකි දුවගේ ශ්‍රවණ තත්ත්වය හදන්න මගක් පෑදිලා තියෙන එකම ඔවුන්ට ලොකු සහනයක්. ඒත් ඊට අවශ්‍ය මුදල හොයා ගන්න එක තමයි ගැටලුව.
“අපි හැමෝගෙන්ම ඉල්ලන්නේ අපේ දරුව සුව කරගන්න උදව් කරන්න කියලයි. එහෙම වුණොත් ඒ පින ඒ හැමෝටම අයිති වෙනවා” නෙතුකි දුවගේ අම්මා අනුෂ්කා අපි එක්ක කිව්වා.
ඔවුන්ගේ ගිණුම් අංකය : එච්.ඒ. අනුෂ්කා රසාංජලි
74640895 - ලංකා බැංකුව, දුම්මලසූරිය.
දුරකථන අංක: 0776588610/ 0772190663
74640895 - ලංකා බැංකුව, දුම්මලසූරිය.
දුරකථන අංක: 0776588610/ 0772190663
No comments:
Post a Comment