Saturday, July 20, 2013

Gossip cricket - අපි ඉන්දියාවට පරදින්නේ ඇයි?

ඇයි ඉන්දියාව එක්‌ක ක්‍රීඩා කරන කොට විතරක්‌ අපේ කට්‌ටිය මෙච්චර දුර්වල වෙන්නේ. ගැහුවොත් පරාදයි. අයි. පී. එල්. වල විකට්‌ අම්බානයි, ඒත් රටට ගහනකොට සඳ ගුටි. ඇයි අපේ අය ඉන්දියන් ටීම් එකට බයද, එහෙමත් නැත්නම් අයි. පී. එල්. යන්න ඕන නිසා එයාලාට දිනන්න දෙනවාද' මේ ඉකුත් දින කීපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව සම්බන්ධව ක්‍රිකට්‌ ලෝලීන් වැඩියෙන්ම සාකච්ඡාවට බඳුන් වුණු ගැටළුය. 

අපි ඉන්දියාවට පරදින්නේ ඇයි?

අවසන් වරට 2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලිය ජය ගත් පරිද්දෙන්ම ශූරයන්ගේ ලෝක කුසලානයද ඉන්දියාව තමන් සතු කරගත්හ. අනතුරුව එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් අවසන් මහ තරග වරම් දිනා ගත්තේය. ඊටත් පසු දින කිහිපයකට පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේදී පෙනි පෙනීම තිබූ ශූරතාව ශ්‍රී ලංකාවෙන් උදුරා ගත්තේය.

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වූ පමණින් එය ලෝක විනාශය හෝ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අවසානය නොවනු ඇත. එහෙත් දිගින් දිගටම මුහුණදෙනු ලබන පරාජයන් සියල්ලට අදාළ මූලාශ හෙවත් ඒ සඳහා වන උත්තේජක කවරේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතයට ඉතා වැදගත් වනු ඇත. 

ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ දුර්වල තැන් ඉලක්‌ක කරමින් ක්‍රීඩා කිරීම, අවශ්‍ය මොහොතේදී සුදුසු අයුරින් නම්‍ය වීමේ හැකියාව ඉන්දීය ක්‍රීඩකයන් සතු වීම සහ පීඩන අවස්‌ථාවකදී කණ්‌ඩායම හොඳින් මෙහෙයවීමේ පරිණත හැකියාව ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි සතු වීම යන කරුණු ප්‍රධාන සාධක කරගනිමින් ඉහත අවස්‌ථාවන් ත්‍රිත්වයේදීම ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයට පත්වීය. බැලු බැල්මට මෙම කාරණා පාදක වෙමින් අදාළ ශූරතාව ඉන්දීය කණ්‌ඩායමට හිමිවුවද මේ පරාජයන්ට බලපෑ ප්‍රධානම හේතු වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් අයි. පී. එල්. තරගාවලිය ය.
ලෝක ක්‍රිකට්‌ ක්‍රීඩාවේ මුලුමනින්ම පෙරැළියකට ලක්‌වීමට ප්‍රධාන වී තිබෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය, ප්‍රථමයෙන්ම 2008 වසර වසරෙදී ආරම්භ වන්නේ හුදෙක්‌ම රසාස්‌වාදය උකහා දක්‌වන්නක්‌ ලෙසින්ය. රසාස්‌වාදය ගෙන එමින් ඒ හරහා මුදල් ඉපයීම මෙහි ප්‍රධාන අරමුණ බව තරගාවලි සංවිධායකයන් වන ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය ලෝකයට ඒත්තු ගැන්වුවද එහි වක්‍රාකාර ලාභයක්‌ ලබා ගනිමින් ලෝකයේ ක්‍රිකට්‌ ක්‍රීඩාව සියතට ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ යෑයි ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංගට හැර එවකට කිසිවකුත් නොසිතු හ.

ලොව ක්‍රිකට්‌ ලොව රජකරවීම පිළිබඳව වෙනත් රටවලට නොපෙනුණු එහෙත් ඉන්දීය ක්‍රිකට්‌ බලධාêන් 2008 වසරේදී දුටු සිහිනය මේ වන විට යථාර්යක්‌ බවට පත්ව තිබේ. ඒ ක්‍රිකට්‌ ක්‍රීඩාව නම් නෞකාවේ සුක්‌කානම දැන් හසුරුවනු ලබන්නේ ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායම නිසාය.

තාක්‌ෂණය හමුවේ නිරුවත් වීම

ජගත් ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී තාක්‍ෂණය උපයෝගී කරගනිමින් ලබා ගනු ලබන වීඩියෝ විශ්ලේෂණය (Video Analysis) සඳහා ලැබෙන්නේ ඉතා ඉහළ ස්‌ථානයකි. තරගය පැවැත්වෙන දිනට පෙර දිනයේදී හෝ තෝරගනු ලබන දිනයකදී පවත්වනු ලබන කණ්‌ඩායම් රැස්‌වීමේදී ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ දුර්වලතා හඳුනා ගැනීම සඳහා කණ්‌ඩායම දැනුවත් කරනු ලබන ප්‍රධාන භාෂාවක්‌ හෙවත් අංගයක්‌ වන්නේ වීඩියෝ විශ්ලේෂණයයි. මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ලබා දෙනු ලබන ප්‍රමුඛත්වය නිරන්තරයෙන්ම දෙවැනි තැනට ඇද වැටුණද සෙසු රටවල් ඒ සම්බන්ධව දක්‌වනු ලබන්නේ දැඩි නැඹුරුවකි. ඒ අතරින් ඉන්දීය කණ්‌ඩායම මේ සඳහා විශේෂ ස්‌ථානයක්‌ ලබා දෙනු ලබන කණ්‌ඩායමක්‌ බව ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ කරුණකි. වීඩියෝ විශ්ලේෂණ පිළිබඳව කටයුතු කිරීමේදී දක්‌වනු ලබන දැඩි උනන්දුව මත ඉන්දීය ක්‍රිකට්‌ බලධාරීන් විසින් වීඩියෝ විශ්ලේෂණ පෞද්ගලික ආයතනයකටම වගකීම පවරා ඇත්තේ ඒ නිසාවෙනි. ප්‍රකට වීඩියෝ විශ්ලේෂකයකු ලෙස සැලකෙන එස්‌. රාමක්‍රිෂ්ණන් අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කරනු ලබන ස්‌පෝර්ට්‌ස්‌ මිකැනික්‌ස්‌ (Sports Mechanics) ආයතනය ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායමට වීඩියෝ දත්ත ලබාදෙනු ලබන විශ්ලේෂක ආයතනය ලෙස කටයුතු කරන්නේ එහෙයිනි.
අදාල විශ්ලේෂණයන් සඳහා අවශ්‍ය වීඩියෝ රූප රාමු ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ ප්‍රතිවාදී රටක්‌ පැමිණි අවස්‌ථාවේදී ඔවුන් සිදු කරනු ලබන පුහුණුවීම් සහ තරග කරනු ලබන තරගවලදීය. එහෙත් අයි. පී. එල්. තරගාවලිය හරහා උවමනාවටත් වැඩියෙන් ඒ ඒ ක්‍රීඩකයන් සම්බන්ධ වීඩියෝ පටිගත කර ගැනීමේ අවස්‌ථාව විශ්ලේෂක ආයතනයට උදා වී තිබේ.

අයි. පී. එල්. තරගාවලිය යනු ලොව සුපිරිම ක්‍රීඩකයන් නියෝජනය කරනු ලබන්නකි. තරගාවලියට සහභාගිවන කණ්‌ඩායම් සංඛ්‍යාව වසරින් වසර වෙනස්‌ වන මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන විදෙස්‌ ක්‍රීඩකයන් සංඛ්‍යාව 200 කට ආසන්නව ඇත. වත්මන් ටෙස්‌ට්‌ ශූරයන් වන දකුණු අප්‍රිකානු කණ්‌ඩායමේ නායක ග්‍රැහැම් ස්‌මිත්ගේ සිට ලෝකයේ ක්‍රිකට්‌ ක්‍රීඩා කරනු ලබන ලබන සුපිරි යෑයි සැලකෙන සියලුම ක්‍රීඩකයන් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන්නෝ වන අතර ඒ අතර ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ සියලුම ක්‍රීඩකයන්ද අයත් වෙති. එමගින් කියෑවෙන්නේ අදාළ දත්ත ලබා ගැනීම සඳහා අතීතයේ මෙන් ප්‍රතිවාදී කණ්‌ඩායමක්‌ රටට පැමිණෙන තෙක්‌ බලා සිටීමේ අවශ්‍යතාවක්‌ ඉන්දීය කණ්‌ඩායමට නොමැති බවත් අවශ්‍ය අවස්‌ථාවන්හිදී ලෝකයේ සිටින ඕනෑම ක්‍රීඩකයකුගේ ක්‍රීඩා දත්ත ඇතුළත් වීඩියෝ විශ්ලේෂණයක්‌ ලබා ගැනීමේ අවස්‌ථාව ඔවුන් සතු වන බවත්ය. ක්‍රීඩකයන් පන්දුවට පහර දීමේදී දක්‌වනු ලබන දුර්වලතා හඳුනාගනිමින් ඒ දුර්වලතාවයන් ඔස්‌සේ එම පිතිකරුවා දවා ගැනීම මෙන්ම, පන්දු යවන්නන් පන්දු යෑවීමේදී උපයෝගී කර ගනු ලබන උපක්‍රම සියල්ල මේ හරහා හඳුනා ගැනීමේ අවස්‌ථාව ඉන්දීය කණ්‌ඩායමට උදාවී තිබේ. මෙය ඉතා භයානක තත්ත්වයකි.

මේ පිළිබඳව ශ්‍රී ලංකාව දක්‌වනු ලබන නැඹුරුව කෙසේද යන්න 'දිවයින' විසින් මීට ප්‍රථම විමර්ෂණයක්‌ කරනු ලැබූ අතර එහිදී සඳහන් වූයේ වීඩියෝ විශ්ලේෂණය කරමින් ඒ හා බැඳුණු දත්ත ලබා දීම සම්බන්ධව කටයුතු කරන්නකු කණ්‌ඩායම තුළ සිටින නමුත් එම රාජකාරිය සම්බන්ධව කටයුතු කිරීම සඳහා වූ නිසි අවබෝධයක්‌ ඔහු තුළ නොමැති බවයි. ඒ අනුව වත්මන් කණ්‌ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂකවීම සඳහා අවශ්‍ය වන ප්‍රධානම සුදුසුකම් වන්නේ කණ්‌ඩායමේ සිටින දුම් බොන්නන් හට එම දුම් වැටි සම්පාදනය කිරීම හෝ එසේත් නැතිනම් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් හෝ නැතිව හෝ ක්‍රීඩකයන්ට කාම වීඩියෝ පට පෙන්වීමේ ඇති හැකියාව එම පුද්ගලයාට තිබීම පමණක්‌ යන්න එහිදී පසක්‌ විය. ඒ දේ හා බැඳුණු සහ කණ්‌ඩායම තුළ පසුවන ක්‍රීඩකයන්ගේ සුඛ විහරණය උදෙසා කටයුතු කරන්නකුට හැර අදාළ තනතුරෙහි කටයුතු කිරීමේ හැකියාව නොමැතිවීමද කණගාටුවට කරුණකි. මෙවැනි අයුරින් ක්‍රියා කිරීම සම්බන්ධව එම තනතුරෙහි කටයුතු කරන ලද සෑම දෙනාටම වලංගු නොවන බව අවධාරණය කළ යුතු අතරම එහි ප්‍රතිඵලවල ආදීනව ලෙස ඔවුන්ට අත්වී ඇත්තේ ඉතාම කෙටි කාලයක්‌ තුළදී අදාළ ධුරය අහිමිවීම ය.

අයි. පී. එල්. තරගාවලියේ ක්‍රීඩකයන් තරග වදිනු ලබන්නේ වෙනස්‌ වෙනස්‌ කණ්‌ඩායම් වලටය. උදාහරණයක්‌ ලෙස ශ්‍රී ලංකාවෙන් මහේල ජයවර්ධන ඩෙයාර් ඩෙවල්ස්‌ කණ්‌ඩායම නියෝජනය කරනු ලබන අතර කුමාර් සංගක්‌කාර නියෝජනය කරනු ලබන්නේ ඩෙකෑන් චාජර්ස්‌ කණ්‌ඩායමටය. මෙහිsදී සිදුවන තවත් දෙයක්‌ නම් ඒ ඒ ක්‍රීඩකයන් සම්බන්ධව වන දුර්වලතා සාකච්ඡා කිරීමේදී ප්‍රතිවාදී කණ්‌ඩායමේ සිටින ක්‍රීඩකයාව සිය කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පාවාදීම ය. එමෙන්ම තරගයකට පෙර සැලසුම් සකස්‌ කිරීමේදී ඒ ඒ රටවලට ආවේණික සැලසුම් ක්‍රියාත්මක කෙරෙන අතර එම සැලසුම්ද අදාළ සාකච්ඡා ඔස්‌සේ හෙළි දරව් වීම දැරිය නොහැකි පාඩුවක්‌ වශයෙන් සඳහන් කළ හැක. මේ සියල්ල එක්‌ වන්නේ අයි. පී. එල්. තරගාවලියෙන් ඉන්දියාවට ලැබෙන වක්‍රාකාර වාසි ගොන්නටය.

රටක තරග ජයග්‍රහණයකට සෘජුවම බලපාන සාධක වශයෙන් එම සාධක හැඳින්විය හැකි අතර මෙම තරගාවලියේ අඳුරු පැතිකඩ දිග හැරෙන්නේ ඉන් අනතුරුවය. අවසන් වරට පැවැති අයි. පී. එල්. තරගාවලිය ගෙන බලමු. එම තරගාවලියේදී තරග අවස්‌ථා පාවාදීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය විය. ජගත් ක්‍රිකට්‌ කමිටුවේ දූෂණ විමර්ෂණ අංශය සඳහන් කරනු ලබන ආකාරයට වැඩිම තරග පාවාදීම් සංඛ්‍යාවක්‌ සිදුව තිබෙන්නේ අයි. පී. එල්. තරගාවලිය තුළය. ඒත් මෙම තරගාවලියට යොමු වී තිබෙන අදෘෂ්‍යමාන හස්‌තයේ බලපෑම් මත එවැනි දේ සම්බන්ධව පරීක්‍ෂණයක්‌ හෝ නොපැවැත්වීම විශේෂත්වයකි. මෙයට ප්‍රධානම හේතුව වන්නේ මෙය මේ වන විටත් පුද්ගලික තරගාවලියක්‌ බවට පරිවර්තනය වෙමින් පවතින බවද සඳහන් වේ. කොටින්ම අද මේ තරගාවලිය ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් මෙහෙයවන බව පෙනුණත් ඔවුන්ගේ පාලනයෙන් ගිලිහෙමින් සූදු තබන්නන් හරහා පැමිණෙන මැර තක්‌කඩියන් මෙන්ම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගේ 'කලූ සල්ලි' සුදු කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන තරගාවලියක්‌ බවට පත් වෙමින් තිබේ.

මුදලට තරග අවස්‌ථා පාවාදීම් වාර්තා වුවත් තවමත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට නම් එවැනි ඇ`ගිල්ලක්‌ ප්‍රසිද්ධියේ දිගුවී නොමැත. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පරිබාහිරව කටයුතු කරනු ලබන පුද්ගලයන් සමග කිසිදු සම්බන්ධතාවක්‌ පැවැත්වීමේ අවස්‌ථාව නොලැබෙන අයුරින් ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන තිබීම එම තත්ත්වයට ප්‍රධාන ලෙසින් ඉවහල් වුවත්, අයි. පී. එල්. තරගාවලිය හරහා ලැබෙන නිදහස මත ඒ සියල්ල ගඟට කපනු ලබන ඉනි මෙන් වනු ඇත. මෙම තරගාවලියේ හිමිකාරත්වය දරනු ලබන කණ්‌ඩායම්වල අයිතිකරුවන් සහ බුකීකරුවන් අතර පවතින සමීප සම්බන්ධතා හරහා ක්‍රීඩකයන්ට එම බුකිකරුවන් මුණ ගැසීමේ අවස්‌ථාව උදාවේ. ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපතිවරයා වන එන්. සිරිනිවාසන්ගේ බෑණාවරයකු වන ගුරුනාත් මෙයියප්පන් මේ වන විට පොලිස්‌ අත්අඩංගුවට පත්වී සිටිම එයට හොඳම උදාහරණය ලෙස දැක්‌විය හැක. එවැනි දේවල් හරහා තරග පාවාදීම යන 'වසංගතය' අපේ රටටත් බෝවීමේ අවදානමක්‌ පවතින බව වටහා ගත යුතුය.

No comments:

Post a Comment