එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනිද්දා (23 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබිණි.
මෙසේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන දයාසිරි ජයසේකර මහතා මධ්‍යම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස පත්කිරීමට හෝ වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට
ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් මේ පිළිබඳව සිකුරාදා සවස් කාලය වන විටත් ආණ්ඩුව තුළ සාකච්ඡා පැවැත්වෙමින් තිබිණි.
පාර්ලිමේන්තුව අනිද්දා (23 දා) රැස්වූ පසුව ජයසේකර මහතා විපක්ෂයේ සිය ආසනයේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ඔස්සේද තහවුරු කර ගැනීමට හැකිවිය. ඉල්ලා අස්වීමෙන් පසුව දයාසිරි ජයසේකර මහතා සභාව මැදින් ගොස් ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් ගැනීමක් සිදු වේද නැද්ද යන්න ගැන කිව නොහැකි බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් අනාවරණය විය.
මේ පිළිබඳව අපි දයාසිරි ජයසේකර මහතාගෙන්ද කරුණු විමසා සිටියෙමු. "අනේ නෑ... එහෙම එකක් නෑ. එක්සත් ජාතික පක්ෂය තුළ මට ප්‍රශ්න තියෙන එක ඇත්ත. ඒත් එහෙම කියලා පක්ෂයෙන් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ..." යෑයි ජයසේකර මහතා කියා සිටියේය.
මේ අතර දයාසිරි ජයසේකර මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (19 දා) රාත්‍රියේ දී පැවැත්විණි.
No comments:
Post a Comment