Saturday, July 20, 2013

Gossip lanka - මරණ තර්ජන එල්ල කර මව සහ දියණිය කෙළසූ වතු කළමනාකරු අත්අඩංගුවට

මරණීය තර්ජනය එල්ල කරමින් එකම පවුලේ මවක් සහ දියණියක් වරින්වර දුෂණය කළ බව කියන වතු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි. අතවරයට ලක් වී ඇත්තේ වනාතවිල්ලුව - රාල්මඩුව ප්‍රදේශයේ වත්තක පදිංචිව සිටි වයස අවුරුදු 39 ක් වු මවක් සහ වයස අවුරුදු 13 යි මාස 06 ක් වන දියණියකි. මෙම මව සහ දියණිය සැකකරු විසින් පාලනය කරනු ලබන වත්තක කම්කරු නිවාසයක රැඳී සිට ඇත. මව එම වත්තේ
සේවය කර ඇති අතර දියණිය පාසල් ගමන අතරමග නතර කර මව සමග ජීවත් වී ඇත. පසුගිය මැයි මාසයේ සිට සැකකරු විසින් මරණීය තර්ජනය කර මව සහ දියණිය වරින්වර දුෂණය කර ඇත.තමන් දෙදෙනා පත්ව ඇති තත්ත්වය ඉවසා ගත නොහැකි තැන මව තම දියණියද සමග පැමිණ සිද්ධිය වනාතවිල්ලුව පොලීසියට පැමිණිළි කරමින් පවසා ඇත. 
ඒ අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.වයස අවුරුදු 55 ක් වන සැකකරු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අතවරයට පත්ව ඇති මව සහ දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සහ ප්‍රතිකාර සදහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇත. 
වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

No comments:

Post a Comment