දරුවා පැහැර ගන්නා බව කියමින් හා නිවසට බෝම්බ ගසන බවට තර්ජනය කරමින් කින්නියා ව්‍යාපාරිකයකුගෙන් රුපියල ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ අයකු සහ ඊට සහය වූ අයකු කින්නියා පොලිසිය මගින් 19 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. කින්නියා ප්‍රදේශයේ ඉන්ධනහල් හිමි ව්‍යාපාරිකයකු වන අයි.එම්.නිජාම්ඩීන් නැමැති වයාපාරිකයකුගෙන් මෙම කප්පම් මුදල් ඉල්ලා ඇත්තේ මූතූර් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
අදාළ සැකකරු කප්පම් මුදල් ඉල්ලා බල කරන විට ව්‍යාපාරිකයා මේ බව පොලිසිය දැනුවත් කර තිබේ.අනතුරුව උපක්‍රමශීලිව සැකකරු කොටුකර ගන්නට සමත් වී ඇත. සැකකරු විසින් කප්පම් මුදල රැගෙන යාම සඳහා ව්‍යාපාරිකයා වෙත එවා ඇත්තේ වෙනත් අයෙකි.
ඊයේ (19) සවස කින්නියා, කාකමූණේ,ම යිලතිව් ප්‍රදේශයට එම පුද්ගලයා මුදල් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ පොලිසය විසින් කොටුකර ගෙන තිබේ. අනතුරුව ඔහු ලවා ප්‍රධාන සැකකරුට දුරකතන ඇමතුමක් ලබා දී කප්පම් මුදල ලැබුණ බවත්, එය ලබා ගැනීම සඳහා කින්නයා, කුට්ටිකරච්චෛන මුස්ලිම් දේවස්ථානය අසලට පැමිණ ලෙසත් දැනුම් දී තිබේ. කප්පම් මුදල් රැගෙන යාමට එම දේවස්ථානය අසලට පැමිණි ප්‍රධාන සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිකුණාමලය පොලිසියේ පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණ තොරතුරකට අනුව කින්නියා පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර 20දා එම සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments:
Post a Comment