Thursday, July 18, 2013

Gossip lanka - මධුසමයෙන් පසු නිවසට ආ මනාලිය පසුදා මනාලයාගේ නිවසේ වගා ළිඳක ගොඩගන්න විටත් මිය ගිහින්




16 දා යුග දිවියට ඇතුළත් වූ රූමත් තිස්‌ හැවිරිදි තරුණියක්‌ මනාලයාගේ නිවසේදී පෙරේදා (17 දා) රාත්‍රි එහි වගා ළිඳක මියගොස්‌ සිටියදී රාත්‍රි 10.45 ට පමණ කන්තලේ පොලිසිය පැමිණ ගොඩගන්නා ලදී.

සිද්ධියෙන් ජීවිතක්‌ෂයට පත්ව ඇත්තේ පිළිමතලාව දන්තුරේ පදිංචි රූමත් කුඹුරේගෙදර චම්පිකා උදයකාන්ති (30) නමැත්තියකි.

කන්තලේ 84 ප්‍රදේශයේ පදිංචි වැලි ජාවාරම්කරුවකු වන ජයවීර පටබැඳිගේ දුමින්ද රෝෂාන් (33) යන අය සමග ඉකුත් 16 දා මියගිය අය විවාහ වී ඇත්තේ කපුකමක්‌ මාර්ගයෙන් වන අතර ඊට මාස දෙකකට ආසන්න කාලයකට වඩා දිගු ඉතිහාසයක්‌ නොමැත
. 16 දා රාත්‍රිය හබරන හෝටලයක මංගල රාත්‍රිය ගත කර ඇති දෙදෙනා පසු දින (17 දා) කන්තලේ මනාලයාගේ නිවසට පැමිණ තිබේ. එහිදී රාත්‍රි 1.30 වන තුරු පැවති සාදයෙන් අනතුරුව මනාල යුවළ තම කාමරයට ගොස්‌ නිදාගෙන ඇත.

පසුදා උදැසනම අවදි වූ මනාලයාගේ සොයුරිය සමග උදැසන තේ මේසයද මියගිය මනාලිය සකස්‌ කොට ඇති අතර ඉන් පසුව ඇය නිවසේ පෙනෙන්නට සිට නොමැත. පසුව මනාලයාටද කථා කොට නිවස තුළත් වත්ත පුරාත් සොයා ඇති මුත් ඇය දකින්නට නොවූ තැන මුළු ගම පුරාම ඇය සොයා බලා තිබේ.

අවසානයේදී රාත්‍රි 10 ට පමණ වත්තේ වගා ළිඳේ තිබී මළ සිරුර හමුවී ඇති අතර ඇය ගොඩගන්නා විටද මියගොස්‌ සිටි බව පොලිසිය කියයි.

මියගිය තැනැත්තියගේ පියා හා බාල සහෝදරයා කියා සිටින්නේ 16 දා හවස රාත්‍රි තමන්ට දුරකථන ඇමතුම් දෙමින් මියගිය අය කියා සිටියේ තමන් මහත් අමාරුවේ වැටී ඇති බව හා කරුමයක්‌ පලදුන් බවය. එම නිසා මෙම මරණය ගෙල සිරකර මරා ළිඳට දමා ඇති බවට තමන් සැකකරන හෙයින් තමන් ඉල්ලා සිටින්නේ අපක්‍ෂපාතී පරීක්‍ෂණයකට භාජන කරන ලෙසත්ය. දැවැදි සිද්ධිය මීට මුල් වී ඇය අවඥවට ලක්‌කොට ඇති බවද සොහොයුරා අප සමග පැවසීය.

මනාලයාගේ පාර්ශ්වයේ මනාලයාගේ සොහොයුරියක්‌ කියා සිටියේ මනාලිය තරමක මොංගල් ගතියෙන් පසුවන බවට පෙනී ගිය බවත් නිවසේ පැවැති සාදයේදී අමුත්තන් අතරට පැමිණියේද තමන්ගේ බලකිරීම නිසා බවත්, ඇය අතුරුදන් වූ අවස්‌ථාවේ සිට සොහොයුරා පිස්‌සුවෙන් මෙන් හැසිරෙන අතර වස පානය කිරීමට පවා තැත් කළ බවත් කීය.

කන්තලේ මූලික රෝහලේදී මෘත ශරීරය පරීක්‍ෂා කළ කන්තලේ හදිසි මරණ පරීක්‍ෂක නාමල් උදයකුමාර මහතා රෝහලේ විශේෂඥ පහසුකම් නොමැති නිසා මෘත ශරීරය වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලොන්නරුව මහ රෝහල වෙත යෑවීමට නියෝග කරන ලදී.

No comments:

Post a Comment