කැරෝකේ සමාජ ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් සීදුව ප්‍රදේශයේ කරගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයක් වැටලූ පොලිස් මූලස්‌ථාන සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන ඒකකය එහි සිටි සුරුපිනියන් හය දෙනකු ඇතුළු අටදෙනකු පෙරේදා (17 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
කැරෝකේ වසන්ත නමැත්තාට අයත් බව කියන මෙම ගණිකා මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා සහ එහි සේවකයෙක්‌ද අත්අඩංගුවට ගත් අය අතර සිටිති.
මෙම සමාජ ශාලාවේ ඉහළ මාලයේ විශේෂ අමුත්තන් සඳහා වෙන් කරන ලද අති සුඛෝපභෝගී කාමර දෙකක මෙම ගණිකා මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගොස් ඇති අතර තරුණියක සමග එහි කෙටි කාලයක් ගත කිරීම සඳහා රුපියල් පහළොස් දහසක මුදලක් අයකර ඇති බව පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී. ගනේෂනාදන් මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්‌ඩායමක් මෙම ගණිකා මධ්‍යස්‌ථානය වැටලීම සඳහා යොදවා ඇත.
ව්‍යාපාරිකයන් ලෙස වෙස්‌වලාගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු මෙම කැරෝකේ සමාජ ශාලාවට ගොස් එහි සිටි තරුණියන් දෙදෙනකු මුදලට ලබාගන්නා විලසින් වැටලීම ක්‍රියාත්මක කර ඇත.
මෙම ගණිකා මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය කැරෝකේ වසන්ත නමැත්තාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‌ෂණ පවත්වමින් සිටියි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී. ගනේෂනාදන් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‌ෂකවරුන් වන ඒ අබේරත්න, වසන්ත අත්තනායක, උපපොලිස් පරීක්‌ෂකවරුන් වන සෝමරත්න, සිරිවර්ධන, ජානක ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ පැවැත්වූහ.
No comments:
Post a Comment