දෙමටගොඩ ආරාමය පෙදෙසේ නිවසක් ඉදිරිපිටදී සිය සැමියා විසින් බිරිඳගේ ශරීරයේ සිව්පොලකට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි.
පෙරේදා (16 වැනිදා) රාත්‍රී 10.00 ට පමණ සිදුවූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්‌වී ඇත්තේ විඡේකුමාරි මනෝමනී (22) නමැති තිදරු මවකි.
ඝාතනයට ලක්‌වූ ඇය හා සැමියා අතර කාලයක සිට ආරවුල් ඇතිවී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.
සැකකරු සිය බිරිඳගේ (මරණකාරිය) නැගණිය සමඟ අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යැම මෙම ඝාතනයට හේතුවී ඇතැයි පොලිස් පරීක්‍ෂණ වලින් අනාවරණය විය.
සැකකරු ඝාතනයට යොදාගත් පිහියද සමඟ අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
මේ පිළිබඳ දෙමටගොඩ පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක මෙන්ඩිස් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් බණ්‌ඩාර (29190), පොලිස් කොස්‌තාපල්වරුන් වන ප්‍රියන්ත (68900), රුවන් (68636), සම්පත් (69946) ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
No comments:
Post a Comment