Thursday, July 18, 2013

Gossip lanka - මේක තවත් කාන්තා හිංසනයක්‌ -දණ ගැසීමේ සිද්ධියට මුහුණ පෑ ගුරුවරිය වන ප්‍රියානි සුසිලා හේරත්

මම කිසිම දිනයක ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවකට හෝ වයඹ පළාත් සභා මැතිවරණයට හෝ ඉදිරිපත් වන්නේ නැහැ. එවැනි කතාවක්‌ රට පුරාම ප්‍රචාරය වෙනවා. ඒක අමූලික බොරුවක්‌. ලෝකයේ ගුරු වෘත්තියට වඩා ශේ්‍රෂ්ට වෘත්තියක්‌ තවත් නැහැ. මේක තවත් කාන්තා හිංසනයක්‌ පමණයි.


නවගත්තේගම විදුහල් භූමිය තුළදී හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ තර්ජන හමුවේ දණ ගැසීමේ සිද්ධියට මුහුණ පෑ ගුරුවරිය වන ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය ඊයේ (17 දා) "දිවයින" අමතා එසේ කීවාය.

පසුගිය දිනවල විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයන් මගින් ("දිවයින" සම්බන්ධ නැත.) මට විරුද්ධව දැඩි අසාධාරණ මඩ ප්‍රචාරයක්‌ ගෙන ගියා. එදා මට තර්ජනය කළ මන්ත්‍රීවරයා පළාත් සභාවට ඡන්දය ඉල්ලුවොත් මම විරුද්ධ පක්‍ෂ වේදිකාවට නැගලා ඡන්දය ඉල්ලනවාලු කියා. මේවා පට්‌ට පල් බොරු. මම එසේ පවසා නැහැ. ඒ මන්ත්‍රීවරයා ඡන්දය ඉල්ලුවත් එකයි, නැතත් එකයි. ජනතාවනේ ඔහු ගැන තීන්දු ගන්නේ. මගේ පාඩුවේ මම උගන්වනවා. ඒක මට සැනසිල්ලයි.

No comments:

Post a Comment