රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා යන ජනප්‍රිය ගායන ශිල්පි යුවළගේ නිවසට කඩා වැදී එම යුවළගේ හිසකෙස් කපා වධ හිංසා කොට මරණ තර්ජන එල්ල කරන ලද එවකට ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ (පීඑස්ඩි) නියුතුව සිටි පොලිස් නිලධාරීන් 11 දෙනකු පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
2000 වසරේ ජනවාරි මස 26 වැනි දින සිදුවූ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන දිගින් දිගටම පුළුල් පරීක්ෂණ
පවත්වනු ලැබූ අතර මෙම නඩුවේ තීන්දුව ලබන 24 වෙනි දින ලබාදීමට නියමිතය.
පොල්ගස්ඕවිට, කහතුඩුව ප්‍රදේශයේ සිය නිවසේදී සිටියදී එම යුවල මෙම සිද්ධියට මුහුණදුන් අතර ඊට අදාළ නඩුව ඊයේ (17 දා) දින කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.
අදාළ සිද්ධිය සම්බන්ධව එවකට ජනාධිපතිවරියගේ මාධ්‍ය උපදේශක වූ සිනමා නළු සනත් ගුණතිලක මහතාට දැඩි චෝදනා එල්ල වී තිබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණවලට අනුව සනත් ගුණතිලක මහතා ඊට සම්බන්ධ නොමැති බවද හෙළි වී ඇත.
No comments:
Post a Comment