ජනප්‍රිය සිනමා නළු, රත්aනපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව කටුගස්තොට ප්‍රදේශයේ පාසල් ගුරුවරියක වූ අශෝකමාලා නාමල් විඡේරත්න යන අය විසින් පවරා තිබූ නඩුවක් ඊයේ (19 දා) මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් ෂ අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය විසින් තම මුල් පැමිණිල්ලට අමතරව තවත් ලේඛන කීපයක් සාක්ෂි වශයෙන් පෙර නඩු දිනයේදී ඉදිරිපත් කිරීමට කර තිබූ ඉල්ලීම අතිරේක මහෙස්ත්‍රාත් ෂ සේසිරි හේරත් මහතා විසින් ප්‍රතික්ෂේප කළේය.
කටුගස්තොට ප්‍රදේශයේ පාසල් ගුරුවරියක වූ පැමිණිලිකාර අශෝකමාලා නාමල් විඡේරත්න යන අය තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී තමාගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබාගෙන විත්තිකාර රන්ජන් රාමනායක යන අය තමාට වූ පොරොන්දුව කඩකරමින් මගහරිමින් සිටින බව සඳහන් කරමින් පොලිසියට කරන ලද
ඉකුත් 28 වැනි දින නඩුව විභාගය සඳහා කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන රංජිත් වැලිකුඹුර සහ නන්ද සේනානායක යන මහත්වරු අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකාරිය හා විත්තිකරු අතර මෙම ගණුදෙනුව සිදුවූයේ යෑයි කියන වකවානුවට අදාළව දෙදෙනා අතර ඇති වූ දුරකථන කතා සහ එස්. එම්. එස්. පණිවිඩ පිළිබඳ දත්ත අඩංගු ජංගම දුරකථන තොරතුරු පිළිබඳ වාර්තාවක් පැමිණිල්ලේa සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් වන සුජිත් කාරියවසම් සහ මනීෂා සෙනෙවිරත්න යන මහත්වරු ඊට විරෝධය දැක්වූහ.
සිය විරෝධතාව දැක්වූ විත්තියේ නීතිඥ සුජිත් කාරියවසම් මහතා අධිකරණයට පවසා සිටියේ එවැනි ලේඛන සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්නේ නම් දින 45 කට පෙර දැනුම් දිය යුතු බවත්, පැමිණිල්ල සිදුකර වසර 12 කට පසුව මෙවැනි ලේඛන ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බවත්ය.
පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරුන් එම අවස්ථාවේ අබේගුණවර්ධනට එරෙහිව සමූන් නඩුවේ තීන්දුව ගෙනහැර දක්වමින් දින 45 කට පෙර දැනුම් දිය යුතුය යන්න බල රහිත කර ඇති බව පෙන්වා දුන් අවස්ථාවේ විත්තියේ නීතිඥවරුන් පවසා සිටියේ එම නඩු තීන්දුව අනුව දින 45 කට පෙර දැනුම් දිය යුතුය යන්න බල රහිත කර නොමැති බවය.
ඒ අනුව අතිරේක මහෙස්ත්‍රාත් සේසිරි හේරත් මහතා ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කළ යුතු හෙයින් නඩුව ජූලි 19 දිනට කල් තබනු ලැබීය.
නඩුව නැවත ඊයේ (19) දින කැඳවූ අවස්ථාවේ අතිරේක මහෙස්ත්‍රාත් සේසිරි හේරත් මහතා පවසා සිටියේ 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතේ සඳහන් ප්‍රතිපාදන අනුව අදාළ කාලසීමාව ඉක්ම ගිය පසු සාක්ෂි වශයෙන් අතිරේක ලේඛන එක් කිරීමට හෝ ඉදිරිපත් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ඒ අනුව පැමිණිලි පාර්ශ්වය විසින් සාක්ෂි වශයෙන් අතිරේක ලේඛන ඉදිරිපත් කිරීමට කරනු ලැබූ ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවත්, ඒ අනුව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥ මහතුන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්ය.
ඒ අනුව නියමිත පරිදි නඩු විභාගය නොවැම්බර්Ê8 වැනි දින පැවැත්වෙන බවද අතිරේක මහෙස්ත්‍රාත්වරයා පැවසීය.
පැමිණිලිකාර පාසල් ගුරුවරිය වෙනුවෙන් නීතිඥවරුන් වන රංජිත් වැලිකුඹුර සහ නන්ද සේනානායක යන මහත්වරු ද විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුජිත් කාරියවසම් මහතා පෙනී සිටියේය.
No comments:
Post a Comment