Tuesday, July 9, 2013

Breaking News - හෙට රෑ සිට බස් ගැමුණුත් බස් නවත්වයි

gemunusප්‍රවාහන ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට බස්වර්ජනයක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණුවි‍ජේරත්න මහතා කියයි. බස් ගාස්තු වැඩි වීමක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම වර්ජනය සිදුකෙරේ.රජය මේ ගැටලුවට පිළිතුරක් ලබා දෙනතුරු වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇති බව ගැමුණු වි‍ජේරත්න කියයි.
බස් ගාස්තු වැඩි කිරීම සඳහා රජය ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ බව සභාපතිවරයා කියයි. සෑම වසරකම ජූලි මස 01 වැනිදා වනවිට බස් ගාස්තු සංශෝධනය කළ යුතු යැයි ඒ අනුව තීරණය වී තිබිණ. නමුත් එම ජාතික ප්‍රතිපත්තිය 2013 ජූලි 01 වැනිදා ක්‍රියාවට නොනැංවුණ බව ගැමුණු විජේරත්න මහතා පවසයි. දින නවයක් ගෙවී තිබියදී බස් වර්ජනයට යායුතු බවට බස්රථ හිමියන් තීරණය කර තිබේ.

මේ අතර බස් වර්ජනයට සහය නොදෙන බස් සංගම් නියෝජිතයින් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතරේ ඊයේ (08) සාකච්ජාවක් පැවැත්විණ. වර්තමාන පුද්ගලික බස් කර්මාන්තය මුහුණපාන තර්ජන ගැන එහිදී සාකච්ජා කර තිබේ.
බස් ගාස්තු ඉහළ නැංවීමට පෙර බස් මගී සංගම්, හිමිකරුවන්ගේ සංගම් සහ පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය යන අංශ ඒකාබද්ධව සාකච්ජා පවත්වා බස් ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා පවසා තිබේ.
පුද්ගලික බස් කර්මාන්තය මුහුණ දෙන ගැටළුවලට විසඳුමක් වශයෙන් හැකි පමණ ඉක්මණින් පුද්ගලික සහ ලංගම බස් සේවා ඒකාබද්ධ කළ යුතු බව නිගමනය වී තිබේ. මෙම අවස්ථාවේදී පුද්ගලික බස් රථවලින් කප්පම් ලබා ගන්නා කල්ලි ගැන ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු වී ඇති අතර වහාම එම උවදුර මැඬ පවත්වන්නට පියවර ගන්නා ලෙස ජනපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.
අළුත් බස් ගාස්තු සංහෝධනය මුදල් අමාත්‍යංශයට යවා ඇත. බස් සේවාවේ පිරිවැය ගණනය කිරීම සඳහා යවන ලද එම සංශෝධනය මේ දක්වා පුද්ගලික බස් ප්‍රවාහන අමාත්‍යංශයට ලැබී නැතැයි වාර්ථා වේ.

No comments:

Post a Comment