කරපිංචා කැඩීමට ගිය වයස අවුරුදු 07 ක් වන බාලවයස්කාර දැරියක්ව බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. අපහරණයට ලක්ව ඇත්තේ ලුණුවිල - බණ්ඩිරිප්පුව ප්රදේශයේ පදිංචි පාසල් දැරිවියකි. මෙම දැරිය පාසල අවසන් කර නිවසට පැමිණි අවස්ථාවේදී අසල නිවසක ගෙවත්තෙන් කරපිංචා අත්තක්
කඩා ගෙන එන ලෙස ඇයගේ මව පවසා ඇත.ඒ අනුව අසල්වැසි ගෙවත්තට ගිය දැරිවියට එම ගෙවත්තේ සිටි අයෙකු විසින් මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය කියයි. පසුව තමන් මුහුණ දුන් සිද්ධිය දැරිවිය තම මවට පවසා ඇත.ඒ අනුව සිද්ධිය දැරියගේ මව විසින් වෙන්නප්පුව පොලීසියට දන්වා ඇත. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
No comments:
Post a Comment