කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කළ බස් රථය පිටුපස අසුනේ සිටි විශ්වවිද්‍යාල සිසුවියකට තම රහස්‍ය ප්‍රදේශය පෙන්වා හිරිහැර කළ මගියකු මහබාගේ පොලිස් අත්අඩංගුවට පත්විය.
කොළඹ මීගමුව මාර්ගයේ ගමන් කළ බස් රථයේ සිටි මෙම විශ්වවිද්‍යාල සිසුවිය අනෙක් මගීන්ට සිද්ධිය දැන්වීමෙන් පසු බස් රථයේ ගමන් කළ පිරිස එම පුද්ගලයා මහබාගේ පොලිසියට බාරදී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
මහබාගේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක දිසානායක මහතා හා පොලිස් කොස්තාපල් කාන්තා අනෝමා (7678) විසින් පැමිණිල්ල සටහන් කර සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.
No comments:
Post a Comment