Saturday, May 11, 2013

කිං කැකිල්ලේ

කිං කැකිල්ලේතුමා කැකිල්ල ට්‍රීස්‌ මන්දිරයෙ ආලින්දයට වෙලා තුන්කාසෙං දාඩියක්‌ දාගෙන මොකක්‌දොa යමර වැඩක්‌ කර කර ඉන්න අතරෙ තමයි භූත රිපෝටර් එතෙන්ට එන්ටර් උනේ.

මොනවද සෑර් මේ ගෝනිවල කට කපල. සෑර්ටත් මොනවහරි සම්තිං එකක්‌වත් හම්බු වෙලා වගේ.

භූත රිපෝටර්ගෙ ප්‍රශ්නෙට කිං කැකිල්ලෙතුමාටත් හිනා.

අපිට කොහෙද බං සම්තිං. දැන් ඉතින් ටික ටික නතිං වෙන කාලෙනෙ බං.

අර මොකෝ සෑර්... සෑර්ලට එහෙමත් මස්‌තබාල්දු වෙනවානං... අපි ගැන කතා කරල වැඩක්‌ නෑ සර්... ඒක නෙවෙයි සෑර් හැබෑට මොනවද ඔය ගෝනිවල.

මේවයෙ තියෙන්නෙ ලයිට්‌ බිල් බං. මං මේ දවස්‌වල පැත්තකට වෙලා බැලුවෙ කොහොමද මේ බිල්වල ප්‍රයිස්‌ එක වැඩිවෙලා තියෙන්නෙ කියලා. 



ඒකනං හරිම හොඳයි සෑර්. මේ දවස්‌වල එහේ නැගල යන්නෙත් ඔය බිල් කේස්‌ එකම තමා... දැන් ඔන්න ඔය කළු දිනයක්‌ ද මොකද්දත් එනවලු ළඟදීම...

මතක්‌ කරන්ඩ එපා ඔය කළු දිනවල් නං. කොහොමද කලු ජූලිය... එදාත් රටම ගිනි ගත්තෙ ඔය කලු ජූලිය ද මළ ජූලිය ද එක්‌ක නේ බං... ලෝකෙම දැක්‌ක එදා උඹලගෙ ජාති ආලය.

සෑර් ඉතින් ඕන එකක්‌ දකින්නෙ රුවිතටම නෙ... හැබැයි මේ කළු දිනය නං බොහොම සාමකාමියි... ප්‍රජාතන්ත්‍රවාදියි... ජනතාව පාරට බහිනව... වැඩ නවතිනව... තව එතකොට...

මේ... මේ... භූතෙ නවත්ත ගනිං ඔය විග්‍රහය. මගේ පිත ඇවිස්‌සෙන්ඩ ගත්ත.

තරහා වෙන්ඩ එපා සෑර්... කොහොමටත් සෑර්ල ආණ්‌ඩුවට විරුද්ධව වචනයක්‌ කියනවට කැමතියි කියලයෑ. කියනවට එහෙයි නොකියන අයට හිරගෙවල්... එහෙයියන්ට රජ ගෙවල්. සෑර් ඒක නෙවෙයිද අසාද් සාලිට උනේ. 

අනේ භූතෙ... ඒ කතාවටනං මං එකඟ නෑ. අනික මෑන්ස්‌ කරල තියෙන්නෙ මහ අසමඡ්ජාති ප්‍රකාශයක්‌ නෙ... මං අහන්නෙ මිනිහට වටිනවද ඒ වගෙ දෙයක්‌ කියන්ඩ...

ඒ කියන්නෙ සාලි ත්‍රස්‌තවාදියෙක්‌ ජාතිවාදියෙක්‌... මොන විහිළු කතාද සෑර්... එතකොට මෑන්ස්‌ එදා කොළඹට එනකොට හරිම මානවහිතවාදියා.

මිනිහට යස අගේට ඉන්ඩ තිබුණා. කොහෙද ඉතින් මිනිහගෙ කටේ බ්‍රේක්‌ නැතුව ගියානෙ. අහවල් මඟුලක්‌ද මෑන් තමිල්නාඩුවට ගිහිල්ල කළේ කොහොම උනත් මෑන්ස්‌ට තනිපංගලමෙ ඉන්න කොට මොළේ පෑදෙන්ඩ පටන් අරං.

ඒ කිව්වෙ සෑර්...

ඒ කිව්වෙ බං දැන් සාලි නිදහස්‌ උනානෙ. බලහන්කො මිනිහව කරේ තියං ගිය කට්‌ටිය නිකම් බ්ලාස්‌ උනානෙ. දැන් බලහං අර හකීම් මහත්තය... මෑන්ස්‌ මොකද කියන්නෙ. සෝකය දුක ආවත් මට කොයි තරං මම දාල යන්නෙ නෑ මගෙ සුදු රත්තරං කියලනෙ මිනිහ ඉන්නෙ. හැබැයි භූතෙ මෙහෙම වෙන්ඩත් පුළුවන්නෙ. මොකද ඔය තමිල්නාඩුවෙ හැම තැනම කොටි දිෂ්ටියනෙ. අර මහත දෙහෙත නෝනටත් මහ කොටිය ආරූඪවෙලා. බාගවෙලාවට සාද්ටත් එහෙදි ඔය කොටි බැල්මක්‌ වැටෙන්ඩ ඇති... 

හරි... හරි... සෑර්ල ඉතින් කවදත් දිනුම්. අපි තමයි පාරාද. මොනව උනත් අසාද් සාලි පණපිටින් ආපු එක ලොකු දෙයක්‌...

ආන්න... ආන්න... කඩප්පුලි කතාවක හැටි. යකෝ උඹ හිතුවද මේ ආණ්‌ඩුවට මඤ්ඤං කියල.

ආණ්‌ඩුවට මඤ්ඤංද, ඒකෙ ඉන්න අයට මඤ්ඤංද එහෙමත් නැත්නම් මේ රටටම මඤ්ඤංද කියල මටත් ප්‍රශ්නයක්‌ සෑර්. කමක්‌ නෑ සෑර් කියන්ඩ කො අර ලයිට්‌ බිල් චෙක්‌ කරපු කේස්‌ එක ගැනවත්... 

අන්න එහෙම එමුකො... නිකං මගෙ පිත අවුස්‌සන්ඩ හැදුවෙ උඹමනෙ. දැන් මං ස්‌ටඩි කළා මේ බිල් සිස්‌ටම් එක... බලාගෙන යනකොට අර යූ. එන්. පී. කාලෙනෙ බං ඕව ඔක්‌කොම වැඩි කරල තියෙන්නෙ...

දැන් අර ලයිට්‌ බාරව ඉන්න නෝනෙ කියන්නෙත් ඒ කතාවමනෙ... ඒ උනාට සෑර් මේ ආණ්‌ඩුව යූ.එන්.පී. නෙවෙයි නෙ... සෑර්.

භූතෙ... ඕව ඒ තරං බරපතළ විදිහට හිතන්ඩ එපා. දැන් බලහංකො රනිල් ලොක්‌ක... මෑන්ස්‌ අද කියන සමහර දේවල් බැලුවම එදා ඡේ. ආර්.ගෙ ආණ්‌ඩු කාලෙ ඉඳල නෑ වගේනෙ.

අනේ මන්ද සෑර්... ඒ ගොල්ලොත් එකයි... මේ ගොල්ලොත් එකයි වගෙ... 

ඕක ඉස්‌සර කිව්වෙ අරගොල්ලො නේද... උනුත් එකයි මුනුත් එකයි කියල.

සෑර්ගෙත් මාර මීටරයක්‌ නෙ... කෝ ඉතින් සෑර්ගෙ ලයිට්‌ බිල් ස්‌ටඩි එක ගැන කිව්වෙ නෑනෙ.

භූතෙ... මං මේ දාඩිය දාගෙන මුළු ලයිට්‌ බිල් හිස්‌ටි්‍ර එකම බලල හැදුව මිල සූත්තරයක්‌.

මෙහෙමයි මගෙ සූත්තරේ අනුව කිසිම ඒකකයකට සතයක්‌වත් ගන්නෙ නෑ. කොටින්ම ලයිට්‌ දෙන්නෙ නිකං...

අම්මප සෑර්... සෑර් දෙවියෙක්‌නෙ සෑර්...

යකෝ හිටපන් කො පොඩ්ඩක්‌ පනින්නෙ නැතුව.

සන්තෝස නැද්ද සෑර්... සෙලිබ්‍රේට්‌ කරන්ඩ වැඩේනෙ සෑර්. එතකොට ලයිට්‌ බිල නිකං... තේරෙන විදිහට කිව්වොත් µS ඔµa ද චාඡ්.

මෙන්න මෙහෙමයි මගෙ බිල හැදෙන්නෙ. වැඩිපුරම ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ඒකක 90 ට එනකල්නෙ. මගේ සූත්‍රය අනුව ඒකක 120 දක්‌වා සත පහක්‌ වැඩි කරන්නෙ නෑ. කොටින්ම කලින් ගෙවපු ගාණත් මං අහෝසි කළා.

අදහගන්ඩ බෑ සර්. සෑර්නං දෙවියන්ගෙත් දෙවියෙක්‌. දේවානිදේව... ශක්‍රතිශත්‍ර...

මේ... මේ ඔය ප්‍රශස්‌ති එපා. අහගනිංකො බිල.

යුනිට්‌ 120 දක්‌වා කිසිදු මුදලක්‌ අය නො කෙරේ.

ඉන්ධන ගැලපුම් ගාස්‌තුවයි දැන් ගෙවන මාසික ගාස්‌තුවයි වැඩිවෙනව.

මං අලුතින් යෝජනා කරනව තව විනෝද බද්දක්‌.

එතකොට ඒකක 30 කට මෙහෙමයි යුනිට්‌ ඔක්‌කොම µS්‍ර නේ.

ඉන්ධන ගැලපුම් ගාස්‌තුව } රු. 600

මාසික ගාස්‌තුව } රු. 800

විනෝද බද්ද } රු. 100

මුළු මුදල } රු. 1400

එතකොට තමයි භූතෙට තරු විසි උනේ.

සෑර් කිසි වැරැද්දක්‌ නෑ සෑර් ඒ උනාට සෑර්ල ඔය වහින වෙලාවට එළියට බහින්ඩ එපා.

භූතෙ එහෙම කියාගෙනම වාෂ්ප උනා.

 

No comments:

Post a Comment