Saturday, May 11, 2013

සිනා කතා - 04


මමනෙ ඒක කළේ

ලකී තම බිරිඳ සමඟ නෙළුම් පොකුණේ් පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගියේ එය තම දියණිය ද සහභාගී වන ප්‍රසංගයක් වූ බැවිනි. කඩවත හන්දියෙන් දෙදෙනා සෙනඟ පීරි බස් රථයකට ගොඩවූයේ කල්වේලා ඇතිව රඟහල වෙත යා යුතු වූ බැවිනි.
බස් රථයේ දී ලකී සුරූපී තරුණියක ගේ ඇඟට හේත්තු වී සිටිනු හදිසියේ ම දුටු චමරිට යකා නැංගාය. මෙසේ ටික දුරක් යද්දී අර තරුණිය එක්වරම ආපසු හැරී රවා බලමින් ලකීට චටාස් ගා කම්මුල් පහරක් ගසා මෙසේ බැණ වැදුණාය.
”බස් එකක යන්ඩ බැහැ. වනචරකමට මෙතන ගෑනුන්ගෙ කකුල් කොනිත්තනවා.”
කැලණි පාලම පසු වූ විට ලකී චමරි සමඟ බස් රථයෙන් බැස්සේ විලියෙන් මිරිකෙමිනි. ඊළඟ බස් රථය අල්ලා ගැනීම සඳහා බස් නැවතුමේ නැවතී සිටියදී තරහෙන් පුපුරමින් අහක බලා සිටි චමරි දෙසට හැරුණු ලකී සමාව අයදින අයුරින් මෙසේ කීවේය.
”අනේ ඇත්තමයි, මම කිසිම දෙයක් කළේ නැහැ චමරි.”
”ඒක මම දන්නවා.’ චමරි ගස්සමින් කීවාය.”
”මොනවා! ඔයා කොහොමද ඒක දන්නෙ?” ලකී විමතියෙන් ඇසවේය.
”තමුසෙගෙ හේත්තුව බලා ඉන්ඩ බැරුව මමනෙ ඒකිගෙ කකුල කොනිත්තුවේ?” චමරි කෝපයෙන් කීවාය.

 

එච්චර වටිනවද?

යුෂ්මතා කාර්යාලයේ කිසිවකු නැති වෙලාවක මේ පැමිණිලිකාරියට බලෙන් හාද්දක් දීමේ වරදට මා තමාට රුපියල් පන්දහසක දඩ මුදලක් නියම කරනවා.’
විනිශ්චයකරු කීවේ රජයේ කාර්යාලයක සේවය කරන වීරක්කොඩි තම කාර්යාලයේම ලිපිකාරිනියක වූ රජිතා හට බලෙන් හාදු දීමේ වරදට විරුද්ධව පවරා තිබූ නඩුවේ තීන්දුව දෙමිනි.
’ස්වාමීනි, මම හාද්දක් දුන්න එක ඇත්ත.
ඒත් ඒක දුන්නයින් පස්සෙ මට ඒක ආපහු මෙයාටම දෙන්ඩ හිතුනා. මං කිව්වට තමුන්නාන්සෙ එක හාද්දක් දීලා බලන්ඩ, ඒක ඔය තරම් ගාණක් වටිනවද කියල’ වීරක්කොඩි කියා සිටියේ ය.
 

පෞද්ගලික දේ

වීරක්කොඩි, කෝ ඔයාගෙ පෞද්ගලික ලිපිගොනුව මෙතන නැහැනෙ.’ ලිපිගොනු කීපයක් පරීක්‍ෂා කරමින් සිටි සහකාර කොමසාරිස්වරිය, අදාළ ලිපිකරුවකු ගෙන්වා ඇසුවාය.
’මං ඒවා ගෙදර ගෙනිච්චා මැඩම්.” වීරක්කොඩි හිස කසමින් කීවේය.
’මොනවා! ගෙදර ගෙනිච්චා. ඇයි ඔයා ඒ වගෙ විනය විරෝධි වැඩක් කළේ.’ සහකාර කොමසාරිස්වරිය හිසේ අත ගසා ගනිමින් ඇසුවාය.
’ඇයි මැඩම්මනෙ දවසක් දා කිව්වේ, කිසිම පෞද්ගලික දෙයක් මෙහෙ තියාගන්න එපා කියලා.’ වීරක්කොඩි කීවේය. 

No comments:

Post a Comment