Wednesday, May 1, 2013

පෙදරේරුවා නිවස හදන්න ඇවිත් 15 හැවිරිදි ශිෂ්‍යාව ගැබිනියක කරලා -


මාස හතරක ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක්‌ ලෙස 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ මාස තුනක ගැබිනි මවක්‌ වීමේ පුවතක්‌ කළුතර අධිකරණයේදී ඉකුත් 27 වැනිදා අසන්නට ලැබිණි. 

කළුතර නාගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යාවගේ පෙම්වතා වූයේ පෙදරේරුවකු වන 19 හැවිරිදි තරුණයෙකි.



පාසල් ශිෂ්‍යාවගේ නිවසේ වැඩට පැමිණි සැකකාර තරුණයා මෙයට මාස හතරකට පමණ පෙර ශිෂ්‍යාව සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇතැයි ද මව්පියන් නිවසේ නොසිටි අවස්‌ථාවලදී නිවසට පැමිණෙන තරුණයා ඇය සමග ලිංගිකව හැසිරී ඇතැයි ද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

15 හැවිරිදි ගැබිනිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර කළුතර උතුර පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ මහතාගේ උපදෙස්‌ පිට පරීක්‍ෂණ පැවැත්වූ කළුතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක චෞද්රි, සැරයන් (27186) ආනන්ද යන මහත්වරු සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment