Wednesday, May 1, 2013

දිවි නසා ගන්න තැත්කර අසාධ්‍යව රෝහලේ සිටියදී රැගෙන ගොස්‌ පෙම්වතියට අතවර කළ පෙම්වතාට ඇප


14 හැවිරිදි සිසුවියක සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ප්‍රේම සබඳතාවට ඇගේ දෙමාපියන් විරුද්ධ වූ නිසා ඇය දිවි නසා ගැනීමට අධික වශයෙන් ඖෂධ පානය කොට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයව දෙමාපියන්ට හොරා කැඳවාගෙන ගොස්‌ දූෂණය කිරීම ගැන
චෝදනා ලබා අත්අඩංගුවේ පසුවූ 22 හැවිරිදි තරුණ පෙම්වතකු රුපියල් 5000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය. 

ඇප නියම වූ සැකකරු වූයේ මීගමුව කුරණ පදිංචි එල්. රමේෂ් සඳරුවන් (22) නමැත්තෙකි. මීගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. 

No comments:

Post a Comment