දෙන්න පි‍්‍රයේ...
’ස්වාමීනි මේ තැනැත්තා කිසිම හේතුවක් නැතුව මගේ සේවා දායකයාගේ රෙකෝඩ් බාර් එකේ වීදුරු දොර පයින් ගහලා කඩලා තියෙනවා.’ පැමිණිල්ලේ නීතිඥයා විත්ති කූඩුවට අත දිගු කරමින් කීවේය.
’අත් දෙකම නැති ආබාධිතයෙක් වන ඔබ ඇයි මෙහෙම ප්‍රචණ්ඩ විදියට හැසිරුණේ?’ විනිශ්චයකරු විත්තිකාරයා දෙස තියුණු බැල්මක් හෙළමින් ඇසීය.
’ස්වාමීනී, මම ඔය කියන රෙකෝඩ්බාර් එක ඉස්සරහ පාරේ යද්දි මේගොල්ලෝ ඕනෙ නැති සින්දුවක් දැම්මා මට පල් එකට. ඒක ඇහුණාම මට උන්නා මළා පෙනුණේ නැහැ. ඒකයි මම එහෙම කළේ.’ විත්තිකරු කෝපයෙන් කීවේය.
’මොනවා...! මොකද්ද ඒ සින්දුව?’ විනිශ්චයකරු විස්මයෙන් විමසීය.
අහිංසකයා
’අත අරිනවා, අත අරිනවා ඔය මිනිහව. ඇයි තමුසෙ ඔය අහිංසකයට ඔය විදියට තලන්නෙ?’ සුගත් කිසිවකු බිම පෙරළාගෙන පහරදෙනු දැක එතැනට දුවගෙන ආ රජිතාගේ සැමියා ඇසුවේය.
’අහිංසකයා...? ඇයි මහත්තයට මතක නැද්ද මෙයාගෙ ඩයල් එක? මහත්තයගෙ නෝනව අරන් පැනලා ගියෙ මෙයානෙ.’ සුගත් අනෙකාට තවත් පහරක් අනිමින් කීවේය.
’ඒක දන්න හින්දා තමයි මිනිහා අත අරින්ඩ කිව්වේ. මේ අහිංසකයට වෙන දඬුවමක් මොටද?’ සැමියා කීවේය.
ඔන්න ආයෙත්
’මම හැම වෙලේ ම කියනවා උදේට හොඳට කන්ඩ ඕනෙ කියල. කෝ ඔයා ඒවා කනකටවත් ගන්න එකක් යැ. අද උදේ ගියෙත් හරියට මොකවත් නොකා නෙ. ඒකයි ඔය අමාරුව.’ අනෝමා ආඩපාලි කීවේ හවස ගෙදර පැමිණි සැමියා ක්ලාන්ත ගතියක් දැනෙන බව කියා ඇඳේ වැතිර සිටියදීය. අනතුරුව ඈ උණු උණුවේම සූදානම් කරගෙන ආ නෙස්ටමෝල්ට් වීදුරුව බිවූ නිහාල් නැගිට්ටේය.
’දැන් කලන්තෙ ගතිය අඩුවුණා නේද?’ අනෝමා ඇසුවාය.
’ඔව් ළමයො, දැන් හොඳයි.’ නිහාල් සිනාසී කීවේය.
එහෙම නං අපි තව ටිකකින් ෂොපින් යමු. මට අද සාරියක් අරගෙන ඕනෙ හොඳේ.’ අනෝමා කීවාය.
’ඔන්න ආයෙත් කලන්තෙ හැදීගෙන එනවා.’ කියූ නිහාල් යළිත් ඇඳට වැටුණේය.
කොහොම කෑගහන්නද?
’ඒ හොරා තමාගෙ බෙල්ලේ තිබුණු මාලෙ කඩාගත්තෙ උසාවිය ඉස්සරහදී නං ඇයි තමා උදව් ඉල්ලලා කෑ ගැහැව්වේ නැත්තෙ.
ඔය කියන වෙලාවේ ඒ පාරේ හුඟක් සෙනඟ ගැවසෙනවනෙ.’ තම කරේ තිබූ රන්මාලය සොරකු විසින් කඩා ගැනීම පිළිබඳ පොලිසියට පැමිණිලි කළ ස්ත්‍රියගෙන් පොලිස් නිලධාරියා විමසුවේය.
”සෙනඟ හිටිය බව ඇත්ත රාලහාමි. ඒත් මං කෑගහන්නෙ කොහොමද? උසාවිය ඉස්සරහ බෝඩ් එකක් ගහලා තිබුණනෙ ‘නිශ්ශබ්ද වනු’ කියල.” ස්ත්‍රිය පිළිතුරු දුන්නාය.
No comments:
Post a Comment