Wednesday, May 1, 2013
උඩුදුම්බර නිවෙසක් අසල දැඩි ලෙස පිලිස්සුණු දැරියකගේ මළ සිරුරක්
රුවන්ති කෞශල්‍යා දිසානායක ශිෂ්‍යාවගේ
කලකට පෙර ගන්නා ලද ඡායාරූපයක්ඉතා දරුණු ලෙස පිලිස්සුණු 15 හැවිරිදි පාසල් සිසුවියකගේ මළ සිරුරක් ඇගේ නිවසට නුදුරු පාළු නිවසක් අසල තිබී උඩුදුම්බර පොලිසිය විසින් ඊයේ (30 දා) පෙරවරුවේ සොයාගෙන තිබේ.
උඩුදුම්බර පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු හා සමෘද්ධි නිලධාරිනියක වූ මවුපියන් සමඟ දැරිය පදිංචිව සිටි නිවසට ඉතා නුදුරු පාළු නිවසක් අසල තිබියදී මළ සිරුර පොලිසිය මගින් සොයා ගන්නා ලදී.
ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ලබා දෙන ලද තොරතුරක් අනුව මළ සිරුර සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
දරුණු ලෙස පිලිස්සීමකට ලක්වී තිබුණු මළ සිරුර හිමි දැරිය උඩුදුම්බර නවෝද්‍යා පාසලේ අපොස සාමාන්‍ය පෙළ ඉගෙන ගනිමින් සිටි ශිෂ්‍යාවක් වූ රුවන්ති කෞශල්‍යා දිසානායක බව හැඳින ගන්නා ලදී.
තෙල්දෙනිය වැඩබලන දිසා විනිසුරු සරත් ප්‍රේමකුමාර මහතා ස්ථාන පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීම පිණිස මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත සිරුර යොමු කරන ලදී.
දැරියගේ මරණය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය දැරියගේ මවු පියන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බවත් මෙතෙක් මරණය සම්බන්ධ සැක කටයුතු කිසිවකු අත්අඩංගුවට ගැනීමට සමත් නොවුණු බවත් ආරංචිමාර්ග පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, පොලිස් අධිකාරි ටී. එම්. යූ. තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති පො. ප. කපිල දිසානායක මහතා මෙම අබිරහස් මරණය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment