ඇය කොළඹ වැල්ලවත්තේ පදිංචි පාසල් ශිෂ්‍යාවකි. ජාත්‍යන්තර පාසලක අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා සිටින ඇය දෙහිවල කවුඩාන පාරේ පිහිටි උපකාරක පංතියකට යන්නේ වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහාය. ඒ සාමාන්‍ය පෙළ අසමත් වූ බැවිනි. මේ කියන ශිෂ්‍යාවගේ පියා මිය ගොස් ඇති බවටත් ඔහු මැද පෙරදිග රටක සිටින බවටත් විවිධාකාර කතා ඇතත් පහළොස් හැවිරිදි ඇයට පියා ගැන මතකයක් නැත. ඒ ඇයට පිය සෙනෙහස විඳින්නට අවකාශ ලැබි නැති නිසාවෙනි.
ඇයට සහෝදරයෙක් සහ සහෝදරියක්ද සිටිති. ඒ අය මැයට වඩා බාලය. යම් රෝගී තත්ත්වයකින්ද පීඩා විඳිමින් සිටින්නෝය. එබැවින් ඇගේ මවගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ මෙම සිසුවියට වඩා එම බාල දරුවන් කෙරෙහි බව පෙනේ. ඒ නිසාම මේ දැරිය ඒ ගැන සිටියේ යම් කලකිරීමකිනි. ඒ මවගේ ආදරය රැකවරණය නොලැබිම නිසාය.
එදා අප්‍රේල් 26 වෙනිදාය. සවස 4.30ට පමණ ඇය වැල්ලවත්තේ පිහිටි නිවසින් එළියට බසින්නේ මිතුරකුගේ නිවසකට යනවා යැයි මවට පවසමිනි. නමුත් ඇය ඒ යන්නේ සැබෑවටම මිතුරකුගේ නිවසකට නොව, උපකාරක පංතියේදී මුණ ගැසුණු පෙම්වතා හමුවන්නටය. දහසය හැවිරිදි ඒ පෙම්වතාද වැල්ලවත්තේම පදිංචි තරුණයෙකි. ඔහුද සිටියේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී අසමත්වය. එම තරුණයාද ජාත්‍යන්තර පාසලකට ගොස් අධ්‍යාපනය හැදෑරුවෙකි.
වැල්ලවත්තෙන් ත්‍රිරෝද රථයකට ගොඩවන ඇය කෙළින්ම යන්නේ දෙහිවලටය. ඇය ඒ යන විට පෙම්වතා මිතුරන් දෙදෙනකු සමග බලා සිටින්නේ ඇය එන තුරුය.
ඒ අය ඇයව රැගෙන යන්නේ දෙහිවල වෙරළේ පිහිටි අවන්හලකටය. එහි දී සැර අඩු මත්පැන් මෙන්ම සැර වැඩි මත්පැන්ද ඔවුන් තොල කට ගාන්නේ ඇයට පැණි බිම බෝතලයක් බොන්නට දෙමිනි. නමුත් ඒ පැණි බිම බෝතලයට ඇයට හොරා සැර මත්පැන් වත්කරන්නටද ඔවුන් වග බලාගත්තේ යම් සැලසුමකට අනුව වන්නට පුළුවන.
පෙම්වතාගේ මිතුරන් දෙදෙනා හොඳහැටි සප්පායම් වී පෙම් යුවළට නිදහසේ ඉන්නට ඉඩදී අවන්හලෙන් පිටව යන්නේ රාත්‍රී 7.00ට පමණය. ඒ ගිය හැටියේම පෙම්වතා සිය පෙම්වතියව වත්තම්කරගෙන යන්නේ වෙරළ පාගන්නටය. නමුත් අවසානයේ සිදුවන්නේ දහසය හැවිරිදි පෙම්වතා අතින් වෙරිමතින් හුන් පහළොස් හැවිරිදි සිසුවිය දූෂණයට ලක්වීමය.
“දැන්නම් මට කොහෙත්ම ගෙදර යන්න බැහැ.’ සියල්ල හමාර කොට ඔහු ඇයව පිටත්කර හැරීමට සූදානම් වූ විට ඇය ඔහුගේ ඇඟේ එල්ලෙමින් එසේ පවසන්නට වූයේ ඔහුට ඇගෙන් ගැලවෙන්නට ඉඩක් නොතබාය. ඒ අවස්ථාවේ ඇයව රැගෙන යන්නට තැනක් ඔහුට නොවීය. ඇයද නිවසට යන්නට බැරිමයැයි කියන්නට වූවාය. අතේ ඇති මුදලට රිංගිය හැකි කොල්ලුපියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් ඔහුගේ මතකයට එන්නේ එහිදීය. ඔහු කල්පනා කරන්නේ එළිවෙන තුරු එහි රැඳී සිටින්නටය. ඒ ඇය ප්‍රකෘති තත්ත්වයට පත් වූ පසු නිවසට ඇරලවන්නට හැකි නිසාය. ගාලුපාරට පැමිණ කොළඹ බලා යන බස් රථයකට ඇයත් වත්තම්කරගෙන ඔහු ගොඩවන්නේ ඒ අනුවය. කොල්ලුපිටිය හන්දියෙන් එම බස් රථයෙන් බැසගත් ඔවුන් දෙදෙනා කෙළින්ම යන්නේ පසුගිය කාලයේ නයි නළඟන නමින් හැඳින් වූ තරුණිය සේවය කළ රාත්‍රී සමාජ ශාලාවටය. එවිට වේලාව රාත්‍රී
එකොළහට පමණ ඇත.
සමාජ ශාලාවේ කොනකට වී සිටි මේ දෙදෙනාට ඇෆ්ගන් ජාතික සිවිල් ඉංජිනේරුවරයෙකු එක්වන්නේ අහඹු ලෙසිනි. පෙම් යුවළට ඇතිවී තිබෙන ප්‍රශ්නයට එහිදී ඇහුම්කන් දෙන මේ ඇෆ්ගන් ජාතිකයා ඔවුන්ට එහිදී යෝජනාවක්ද ගෙන ආවේය.
“මම නැවතිලා ඉන්නේ කොළඹ හෝටලයක. මගේ වයිෆුත් එක්ක දරුවොත් ඉන්නව. ඔයාල කැමැති නම් එළිවෙනකම් හෝටලයට ගිහින් ඉන්න පුළුවන්” යනුවෙනි.
මේ ඇෆ්ගන් ජාතිකයා මේ අයට එම යෝජනාව ගෙන ආවේ ඔවුන්ගේ වැඩිහිටියකු වගේය. ඔහුද අවුරුදු පනස් ගණනක තරම් අයෙකු වූ බැවින් පෙම්වතා සිය පෙම්වතියට යෝජනා කරන්නේ ඔහු සමග යන ලෙසය. පියවි සිහියෙන් නොසිටි ඇය ඒ අනුව ඇෆ්ගන් ජාතිකයා සමග හෝටලයෙන් පිටව යන්නේ පෙම්වතා තවදුරටත් එහි රැඳෙමින් සිටියදීය.
එවිට වේලාව අලුයම 2.00ට පමණ ඇත. ඔහු ඇයව රැගෙන යන්නේ නාවල කිරි මණ්ඩල මාවතේ ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයටය. නමුත් එහි ඔහුගේ බිරිඳක් හෝ දරුවෙකු සිටියේ නැත. එහිදී සිදුවූයේ පහළොස් හැවිරිදි දැරිය නැවත වරක් දූෂණයට ලක්වීම පමණි. ඇය හැම දෙයක්ම කරබාගෙන සිටියේ ඊට එරෙහි වන්නට තරම් සිහියක් නොතිබුණ නිසාය.
තම අවශ්‍යතා ඇගෙන් ඉටුකරගත් ඇෆ්ගන් ජාතිකයා පෙම්වතාට ඇයව නැවත භාරදෙන්නේ බම්බලපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයකදීය. ඒ පෙරවරු 9.30 ට පමණය.
ඇයව එසේ ඇෆ්ගන් ජාතිකයාගෙන් භාරගත් ඔහු වැල්ලවත්තේ නිවසට ගොස් ඇරලවන්නේ කිසිවක් කිසිවෙකුට නොපවසන ලෙසට ඉල්ලීමක්ද කරමිනි. නමුත් ඒ වන විටත් ඇය පෙරදින නිවසට නොපැමිණීම ගැන ඇගේ මව සිටියේ කලබලයට පත්වය. ඇය අතුරුදන් බවට පැමිණිල්ලක් පවා ඒ අනුව වැල්ලවත්ත පොලිසියේ ලියැවී තිබුණේය. ඒ නිසාම ඇය නිවසට පැමිණියත් ඇයට පොලිසියෙන් ගැලවිල්ලක් නොවීය. ඒ පෙර දින ඇයට සිදුවූයේ කුමක්දැයි පොලිසිය ඇගෙන් විමසන්නට වූ බැවිණි. පෙරදින වූ සියල්ල ඇයට හෙළිකරන්නට සිදුවන්නේ එවිටය. ඇය සිය පෙම්වතා සමග එදා දෙහිවල වෙරළේ කායික සම්බන්ධතා පවත්වා ඇත්තේ ඇගේ කැමැත්තෙන් බවද එහිදී අනාවරණය වී ඇත. නමුත් ඇය පහළොස් හැවිරිදි බාලවයස්කාරියක් වු බැවින් නීතියේ හැටියට එය ස්ත්‍රී දූෂණයකි. මහ කොළඹ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, ගල්කිස්ස කොට්ඨාසභාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට, සහකාර පොලිස් අධිකාරී දේවප්‍රිය ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙසින් දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනක රත්වත්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපුල් වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමකින් සැදුම්ලත් විමර්ශන කණ්ඩායමක් එහිදී ඇගේ පෙම්වතාව පමණක් නොව ඇයව හෝටල් කාමරයකට රැගෙන ගොස් දූෂණය කළ ඇෆ්ගන් ජාතිකයාවද අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ට එරෙහි සාක්ෂි ගොන්නක්ද සමගිනි.
No comments:
Post a Comment