Wednesday, May 8, 2013

ෂෙවාග්ගේ බිරිය හෝටල් සේවකයන්ට හිසරදයක් වෙලා


අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් හා පූනේ වොරියර්ස් පිල අතර රායිපූර් නුවරත් තරගයක් පැවැත්වුණා. ඒ තරගයට ආපු ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලය ඉතා ප්‍රසිද්ධ එකක්. ක්‍රීඩකයන් හෝටලයට පැමිණීම හෝටල් සේවකයන්ගේ සතුටට කරුණක් වුණා.
නමුත් දිල්ලි කණ්ඩායමේ විරෙන්දර් ෂෙවාග්ගේ බිරිය ආර්ති නොපැමිණීම ගැන නම් හෝටල් සේවකයන් ඊටත් වඩා සතුටිනුයි හිටියේ. සාමාන්‍යයෙන් ෂෙවාග්ගේ සෑම තරග සංචාරයකටම වාගේ සහභාගිවන ආර්ති ආහාර ගන්නේ තෝරාබේරාගෙනයි.
ඇතැම් විට ඇය වෙනුවෙන් වෙනම ආහාර වේලක් සකස් කරන්නත් සිද්ධ වෙනවාලු.
මේක ඉන්දියාවේ තරුපහේ හෝටල්වල සියලුදෙනා දන්නා ප්‍රසිද්ධ රහසක්.
ෂෙවාග්ගේ බිරියට ආහාරපාන ලබාදීම ඔවුන්ට විශාල හිසරදයක් වෙලා. ඒ නිසා ඇය නොඑන තරමට හෝටල් සේවකයන් කැමැතියි. වරක් නාග්පූර් නුවර පැවැති තරගයකදී ෂෙවාග්ගේ බිරිය මේ විදිහට වෙනම ආහාර පිළියෙල කිරීමට වීම නිසා හෝටල් කළමනාකරු දැඩි අපහසුතාවයට පත්වුණා.

No comments:

Post a Comment