Saturday, July 6, 2013

HOT GOSSIP LANKA - ඇමැතිවරයකුගේ රහස් සාකච්ඡාවක්

ආණ්ඩුවේ එක්තරා සුළු ජාතික පක්ෂයක් නියෝජනය කරන ඇමැතිවරයකු ඉකුත් දා රාත්‍රී කොළඹ තරුපහේ හෝටලයකදී විපක්ෂ මන්ත්‍රීවරුන් කීප දෙනකු හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ දිනවල නිරන්තරයෙන්ම තමන් දෙසට ඇස ගසාගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන්ගෙන් වසන් වී ඔහු එම ගමන ගොස් ඇත්තේතම හිතවතෙකුට අයත්  පෞද්ගලික මෝටර්  රියකිනි. මෙම ඇමැතිවරයා මෑතකදී සිට ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ උදහසට ලක් වී සිටින අතර ඉක්තුදා පැවැති ඇමැති හමුවකදී කිසිවකුගේ නමක් සඳහන් නොකර ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත්තේ ද ඔහු අරමුණු කර ගෙන යැයි  ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග  හෙළි කරයි.

එම ඇමැතිවරයා  මේ වන විට තම ජංගම දුරකථනය විසන්ධි කර ගෙන සිටින අතර තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇත්තේද අමතන්නාගේ  අංකය සඳහන් නොවන සිම් පතක් සහිත වෙනත් දුරකථනයකි. එහෙයින් ඔහු සම්බන්ධ කර ගැනීම සඳහා ‘ලක්බිම’ දැරූ උත්සාහය අසාර්ථක විය. මේ අතර අසවල් ඇමැතිවරයා සමග රහස් සාකච්ඡාවක්  පවත්වා ඇද්දැයි විපක්ෂයේ ප්‍රබලයෙකුගෙන් ‘ලක්බිම’ කළ විමසීමකදී ඔහු කියා සිටියේ තම පක්ෂයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිගැන්වීම සඳහා ඉකුත් සතියේ දී එම ඇමැතිවරයා මුණ ගැසුණද ඔහු සමග පැවැති බව කියන රහස් සාකච්ඡාවක් පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය. කෙසේ වෙතත් දැනට පවතින වාතාවරණය යටතේ  උතුරේ පළාත්  සභා ඡන්දය පැවැත්වීමට පෙර එම ඇමැතිවරයා තම අනාගතය පිළිබඳ වැදගත් තීන්දුවක් ගැනීමට බොහෝ  දුරට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ඔහු තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට රහසින් වෑයම් කරමින් සිටිතැයි ද වාර්තාවේ.

No comments:

Post a Comment