උතුරට මැතිවරණයක් පැවැත්වීමේ
ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි
මධ්‍යම හා වයඹ පළාත් සභා ඊයේ (05 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරිනු ලැබ ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව හා වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල යන මහත්වරු ඊයේ (05 දා) පෙරවරුවේ විසුරුවා හැරීමේ ගැසට් නිවේදනවලට අත්සන් කළහ.
මේ අතර උතුරු පළාත් සභාව සඳහා මැතිවරණයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් කරනු ලැබූ අතර එම ගැසට් නිවේදනය ඊයේ (05 දා) පෙරවරුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත යොමුකර තිබේ.
වයඹ හා මධ්‍යම පළාත් සභාවල නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ ලබන මාර්තු මාසයේදීය.
විසුරුවා හරිනු ලැබූ පළාත් සභා දෙකෙහි හා උතුරු පළාත් සභාවේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම පළාත් සභා තුන සඳහා නාමයෝජනා පත්‍ර කැඳවීමේ ගැසට් නිවේදනය ලබන සතියේදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කිරීමට නියමිතය.
වයඹ පළාත් සභාවට කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක දෙක අයත් වන අතර එම දිස්ත්‍රික්ක දෙකින් නියෝජිතයෝ 50 දෙනෙක් තෝරාපත්කර ගැනෙති. මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක අයත් මධ්‍යම පළාත් සභාවට නියෝජිතයෝ 56 දෙනෙක් තෝරා පත්කර ගැනෙති. යාපනය, මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිළිනොච්චිය යන දිස්ත්‍රික්ක අයත් උතුරු පළාත් සභාවට නියෝජිතයෝ 36 දෙනෙක් තෝරාපත්කර ගැනෙති.
No comments:
Post a Comment