එජාප මහ ලේකම් තිස්ස අත්තනායක රවි කරුණානායක හා විජේදාස රාජපක්ෂ සමග ඉකුත් සතියේ දී කොළඹ නිදහස් මාවතේ පිහිටි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නිල නිවසට ගියේය. ඒ එක්සත් ජාතික පක්ෂය සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඇයට පිළිගැන්වීමටය. එය පිළිගන්වා තිස්ස හා පිරිස ඇය සමග පැය දෙකකට අධික කාලයක් දීර්ඝ පිළිසඳරක යෙදුණි. මේ කතාබහ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු ගැනද අවධානය යොමු වූ එකක් විය. මුලින්ම එජාපය සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත උඩින් පල්ලෙන් කියවා බැලූ හිටපු ජනපතිනිය මෙසේ කීවාය.
පක්ෂයකින් නොවන ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න පූර්ණ සහය මම දෙනවා. මේ ව්‍යවස්ථාවේ මගේ හිතේ තිබුණු කාරණා කීපයකුත් තියෙනවා. මම මේක හොඳට කියවලා මගේ නිරීක්ෂණ ඉක්මනට ලියල එවන්නම්.
'ඔබතුමිය ක්‍රියාකාරී දේශපාලනයෙන් අයින් වෙලා කියලා සමහරු කියනවා. ඇත්තද? කතාබහ අතරේදී තිස්ස විමසුවේය.
මම තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය. හැබැයි මට පක්ෂයේ කිසි දේකට ආරාධනා කරන්නෙ නෑ. ආණ්ඩුවේ ඉන්න ඉස්සර මාත් එක්ක හිටිය අය දැන් මාව දැක්කම හැංගෙනවා. ඒ දැන් ඉන්න ලොක්කන්ට බයේ. හිටපු ජනපතිනිය කීවාය.
No comments:
Post a Comment