කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක හෙද විවේකාගාරයේ ස්නානය කරද්දී එහි කවුළුවකින් ජංගම දුරකථනයකින් නාන දර්ශන වීඩියෝ කරන ලදැයි කියන සිද්ධියකට අදාළව එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බව ද පොලිසිය කියයි.
රෝහලේ රාත්‍රි සේවයේ යෙදී සිට ඇති හෙද නිලධාරිනියක් රාත්‍රි කාලයේ හෙද විවේකාගාරයේ ස්නානය කරමින් සිටින අවස්ථාවක එහි වූ කවුළුවකින් ජංගම දුරකථනයක් යොමුකොට යම් කිසිවකු විසින් වීඩියෝ කරනු දැක ඇති හෙද නිලධාරිනිය එහිදී එම දුරකථනය උදුරාගෙන පොලිසියට කළ පැමිණිල්ලකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු මේ ආකාරයේ වීඩියෝ ගතකිරීම් තවත් සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව ද මරදාන පොලිසිය පවසයි.
No comments:
Post a Comment