Wednesday, July 31, 2013

Gossip lanka - සිහිසුන් කර ඇඳෙහි ගැටගසා 30 හැවිරිදි ගැබිනි කතට බලහත්කාරයෙන් ගබ්සාවක්‌ සිදු කරලා

බෙල්ලන - හල්දොළ කුලී නිවසක දිවිගෙවූ තිස්‌ හැවිරිදි ගැබිනි කාන්තාවකගේ හයමස්‌ දරු ගැබ බලහත්කාරයෙන් ගබ්සා කර ඇති බවට ඇගේ පෙම්වතා විසින් බදුරලිය පොලිසියට පැමිණිලි කරනු ලැබ ඇතැයි බදුරලිය පොලිස්‌ ස්‌ථානාධිපති උදය කුමාර මහතා පවසයි.
මෙම යුවළ හඳුන්කූරු නිෂ්පාදන කටයුතුවල නියෑළෙමින් සිටි අතර පසුගිය 23 දා පෙම්වතා බැහැරව සිටි අවස්‌ථාවක නිවසට පැමිණි කාන්තාවක්‌ ඇතුළු සිවු දෙනකු අදාළ කාන්තාවගේ මුහුණට යම් රසායනයක්‌ අල්ලා සිහිසුන් කර ඇඳෙහි ගැටගසා මෙම ගබ්සාව සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.

අවිවාහකව එකට දිවි ගෙවූ මෙම යුවළගේ සම්බන්ධයට පෙම්වතාගේ වැඩිහිටියන් එරෙහි වීම නිසා මෙය ඔවුන්ගේ ක්‍රියාවක්‌ විය හැකි බවත් පැමිණිලිකරු වැඩිදුරටත් පවසා තිබේ. ගබ්සාව සිදුකළ පිරිස එම ස්‌ථානයේ ලිපියක්‌ ලියා තබා ඇති අතර අමාරු වුණොත් ඉස්‌පිරිතාලෙ නොගොස්‌ පෙනඩෝල් පෙති දෙකක්‌ බොන ලෙස එහි දන්වා ඇතැයි පැවසේ.

දැනට හිංසනයට පත් කාන්තාව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය පිළිබඳ බදුරලිය පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

No comments:

Post a Comment