Wednesday, July 31, 2013

Gossip lanka - තිස්‌හය හැවිරිදි කතක්‌ සමඟ ලැගුම්හලක සිටි පනස්‌නව හැවිරිදි පුද්ගලයා හදිසියේ මියයයි

59 හැවිරිදි පුද්ගලයකු 36 හැවිරිදි කාන්තාවක සමඟ මහරගම ප්‍රදේශයේ හෝටලයක කාමරයක්‌ කුලියට ගෙන සිටියදී එම 59 හැවිරිදි පුද්ගලයා පෙරේදා (29 දා) හදිසියේම මියයැමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මහරගම පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇත.

එම පුද්ගලයා හා කාන්තාව එම කාමරය රුපියල් දහසක මුදලට කුලියට ගෙන සිට ඇති අතර, පැයකට පසු එම කාමරයේ සීනුව නාද වීම නිසා ගොස්‌ බැලීමේදී එම පුද්ගලයා යට ඇඳුම පිටින් බිම වැටී සිටිනු දැක එහි කළමනාකරු විසින් මහරගම පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු විමර්ශන ආරම්භ කළේය.



මියගිය පුද්ගලයා දෙහිවල පදිංචිකරුවකු බවත්, ඔහු සමඟ හෝටල් කාමරයේ සිටි කාන්තාව ගල්කිස්‌සේ පදිංචිකාරියක බවත් පොලිසිය කියයි.

මෙම මරණය ඝාතනයක්‌ ද? එසේත් නොමැති නම් ස්‌වාභාවික හේතූන් මත සිදු වූවක්‌ද? යන්න කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදී සිදුකරන පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවනු ඇතැයි පොලිසිය කියයි.

මේ පිළිබඳව මහරගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සෙනරත් දියකෙලිනාවල මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

No comments:

Post a Comment