සිය ඥාති පුතා සමග දීග කෑමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් දිගින් දිගටම ඥාති පුතා ඉල්ලා සිටි පුංචි අම්මා කෙනෙකු පිළිබඳ පුවතක් තෙලිකඩ පොලීසියෙන් අසන්නට ලැබුණි.
තෙලිකඩ මාජුවානේ පදිංචි පවුලක මවගේ, උඩුගම පිහිටි නිවසේ මළ ගෙදරකට සහභාගි වීම සඳහා මව පියා ඇතුළු දරුවන් පසුගිය සතියේ උඩුගම ගොස් තිබේ. මල ගෙදර තිබූ දින කීපය තුළ එහි විසූ 19 වියැති පුංචි අම්මා සමග 21 වියැති ඥාති පුතා පෙමින් වෙලී තිබේ. මළ ගෙදර අවසන් කටයුතු සිදු වූ ඉකුත් බදාදා (17) දින මොවුන් හොර රහසේම පලාගොස් තිබේ.
මේ වන විට අදාළ තරුණිය විවාහ කර ගැනීම සඳහා ප්‍රදේශයේම තරුණයෙකු බලාපොරොත්තුවෙන් සිට ඇත. දෙමාපියන්ගේද ආශිර්වාදය ඇතිව මොහු එම තරුණියට විශාල විය හියදම්ද කර ඇත. මේ සම්බන්ධයෙන් තරුණයාගේ මව විසින් තෙලිකඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මනාල යුවළ ඔවුන්ගේ දෙමාපියන්, මෙන්ම උඩුගම තරුණයාද පසුගිය 19දා පොලීසියට කැඳවා තිබුණි.
මෙහිදී ඥාති පුතාත්, උඩුගම තරුණයාත් දෙදෙනාම තරුණිය ඉල්ලා සිටි බැවින් පොලීසියද මහත් අකරතැබ්බයකට පත්විය. මෙයට විසඳුමක් ලෙස තෙලිකඩ පොලිස් ස්ථානාධිපති නාලක මාගෙදර මහතා තරුණිය සතියෙන් සතිය මාරුවෙන් මාරුවට තබා ගන්නා ලෙස තරුණයින් දෙදෙනාට අපූරු යෝජනාවක්ද කළේය. අවසානයේ තරුණිය සිය ඥාති පුතාම අවශ්‍ය බව ප්‍රකාශ කරමින් දෑත් පටලවා ගෙන පොලීසියෙන් පිටව යන අයුරු උඩුගම තරුණයා කඳුළු පිරි දෙනෙතින් යුතුව බලා සිටියේය. මනාල යුවළගේ දෙමාපියන්ද මේවා අපිටත් හොඳ පාඩම් යනුවෙන් ප්‍රකාශ කරමින් පොලීසියෙන් පිටව ගියේය.
No comments:
Post a Comment