විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, කෘත්‍යාධිකාරි මණ්ඩලය හා විනය පරික්ෂණ කමිටුවට මෙම සැප්තැම්බර් 16 දින අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා අද (25) නොතීසි නිකුත් කළේය. මෙලෙස මෙම පිරිස අධිකරණයට කැඳවණු ලබන්නේ පළාත් සභා මන්ත්‍රී වන ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන්ගේ පෙත්සමකට අනුවය.
එක්සත් ජාතික පක්ෂයෙන් තමන් නෙරපා හැරීමට එරෙහිව මෙම පළාත්සභා මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් අභියාචනාධිකරණ පෙත්සමක් ගොනුකර තිබුණි.
එහි වග උත්තරකරුවන් ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, තිස්ස අත්තනායක, කෘත්‍යාධිකාරි මණ්ඩලය විනය පරික්ෂණ කමිටුව ඇතුළු 94 දෙනෙකු නම් කර තිබුණි.
එක්සත් ජාතික පක්ෂය විසින් තම සේවාදායකයින් දෙදෙනා පළවා හැරීම ස්වභාවික යුක්ති මූලධර්මය හා නීතියට පටහැනි බව නීතිඥ සංජය ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි සංජය මහතා පෙනී සිටියේ පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කරමිනි.
තවද, අභියාචනාධිකරණය මගින් ලබාදුන් මෙම නියෝගය එක්සත් ජාතික පක්ෂයේ සියලුම සාමාජිකයින් දැනගත හැකි පරිදි දැන්වීමක් පුවත්පත් මගින් පළකිරීමට අවස්ථාව සළසා දෙන ලෙසද පැමිණිල්ල විසින් ඉල්ලා සිටින ලදී. ඊට ප්‍රතිචාරයක් ලෙස, මෙම දැන්වීම භාෂා ත්‍රිත්වයෙන් (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) පළ කිරීම සඳහා ඉඩ ලබාදෙන බවද අභියාචනාධිකරණය දැණුම් දෙන ලදී.
No comments:
Post a Comment