බ්‍රිතාන්‍යයේ විලියම් කුමරාගේ බිරිය වන කේට් මිඩ්ල්ටන් කුමරිය පෙරේදා (22) සවස පුත්‍රයකු බිහි කළාය.
බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 4.24 ට බිලි¹ උපත ලබා ඇත.
බිලි¹ගේ බර රාත්තල් 8 ක් හා අවුන්ස හයක් වූ අතර ඔහු කේම්බ්‍රිඡ්හි කුමරා ලෙස හඳුන්වා ඇත.
මෙම දරු උපත ගැන බකිංහැම් මාලිගයේ දැන්වීමක් ගසා තිබිණි.
විලියම් කුමරුට දාව කේට් කුමරිය බිහි කළ මෙම බිලි¹ සම්බන්ධයෙන් තමන් සතුටට පත්වූ බව චාල්ස් කුමරු හා එලිසබෙත් රැජින ඇතුළු පවුලේ අය පවසා ඇත. මෙතෙක් ඔටුන්න හිමි තෙවැනි ස්ථානය හිමිවූයේ විලියම් කුමරාගේ සොහොයුරා හැරීටය. එහෙත් විලියම් කුමරුගේ පුත්‍රයාට දැන් ඔටුන්න හිමි තෙවන ස්ථානය හිමිවීමෙන් හැරී කුමරා සිවුවන ස්ථානයට පත්වී ඇත.
මෙම දරු උපත ගැන ඇසූ විශාල පිරිසක් බකිංහැම් මාලිගය අසලට පැමිණ සතුට ප්‍රකාශ කර ඇත.
No comments:
Post a Comment