Wednesday, July 24, 2013

Gossip lanka - මගේ දුවගේ පැතුම මග මරුවා මරා දැමුවා පියුමිගේ මව හඬා වැටෙයි




මෙවර උසස්‌ පෙළ විභාගයෙන් සමත් වෙලා බැංකුවක රැකියාවකට යන්නටයි පියුමි දුව දැඩි ආශාවකින් සිටියේ. ඉතින් අපිත් දුව බැංකු සේවිකාවක්‌ ලෙසට සේවය කරනවා දකින්නටයි, ඉතාමත්ම ආශාවෙන් සිටියේ. ඒත් අපගේ ඒ ආශාවන් මගමරුවා සුණු විසුණු කර දැම්මා.

පසුගිය ඉරිදා (21 වැනිදා) දහවල් උපකාරක පන්තියකට ගොස්‌ එය නිමවීමෙන් පසුව බස්‌ රථයකින් පැමිණ බැස නිවෙස බලා පයින් එමින් සිටියදී මෝටර් රථයක ගැටී ටිපර් රථයකට යටවී මියගිය හෙයියන්තුඩුවේ සමෘද්ධි මාවතේ පදිංචිව සිටි දරණාගම මහා විද්‍යාලයේ 13 වැනි වසර වාණිජ පන්තියේ ඉගෙනුම ලැබූ පියුමි මධුශානි
සිසුවියගේ (18) මව වන ශ්‍රීරානි පෙරේරා මහත්මිය (41) සිය එකම දියණියගේ හදිසි වියෝව විඳ දරා ගැනීමට නොහැකිව හැඬූ කඳුළින් එසේ පැවැසුවාය.

ඇය සිය දියණිය ගැන සඳහන් කරමින් මෙසේද කීවාය.

පියුමි දුව ඉගෙන ගන්න හරිම ආසයි. එයාගේ තනි උත්සාහයෙන් තමා එයා උසස්‌ පෙළ දක්‌වා ඉගෙන ගත්තේ. මෙවර දුව අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින්නට ද සූදානම් වෙමින් සිටියා. ඒ සඳහා දුව කිරිබත්ගොඩ නගරයේ උපකාරක පන්තියකටද ගියා. එම උපකාරක පන්තියේ අවසාන දිනය ද යෙදී තිබුණේ මේ අනතුර සිදුවූ ඉරිදායි (21 දා). ඉතින් දුව එම පන්තියේ මෙවර තුන්වැනියා කියලාත් හරිම සතුටින් සිටියා.

එදා එම පන්තියේ අවසාන දිනය නිසා පොඩි පාටියකුත් තිබිලා තිබෙනවා. එහිදී දුව පන්තියේ සැවොම සමග විනෝදයෙන් ඉඳලා නිවෙසට එන විට තමයි, මේ ඉරණමට දුව ගොදුරු වුණේ.

එම පවුලේ වැඩිමලා වූ පියුමි මධුශානිට දිනුක (13) නමින් මල්ලී කෙනෙක්‌ සිටින අතර මේ දෙදෙනාම නිරතුරුවම සොයුරු පෙමින් වෙළී සිටියා. මල්ලී ද දරණාගම මහා විද්‍යාලයේ අටවැනි වසර පන්තියේ ඉගෙනුම ලබයි. පියුමි මධුශානිගේ පියා ඡේ. එච්. ලාල් මහතා (47) වන අතර මව ශ්‍රීරානි පෙරේරා මහත්මිය (41) රැකියාවක්‌ නොකරන්නීය.

මෙසේ දෛවයේ රුදුරු සරදමකට හසුවූ පියුමි මධුශානි මුළු පාසලක්‌ම හඬවමින් අද (24 දා) සමුගනAනීය.

No comments:

Post a Comment