Monday, August 19, 2013

NEWS LANKA - දියතලාව කඳුළු ගඟක්‌ වේ පාපතරයකු අතින් මිලින වූ මල් කැකුළක්‌



දියතලාව ඇල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි අටහැවිරිදි කුඩා දැරියක ඝාතනය කර කුඹුරක පැලක දමා සිටියදී පෙරේදා (18 දා) රාත්‍රියේ දියතලාව පොලිසිය විසින් මළ සිරුර සොයාගෙන ඇත.

මෙසේ මරා දමා ඇත්තේ දියතලාව ඇල්ලගම ඉරේෂිකා මලිති සත්සරණි (08) නමැති දියතලාව ඇල්ලගම මහ විදුහලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි.


මෙම දැරියගේ පියාගේ හොඳම මිතුරකු විසින් පෙරහැරක්‌ පෙන්වීමට යෑයි පවසා මෙම දැරිය නිවසෙන් රැගෙන ගොස්‌ අතවර කර මෙලෙස ඝාතනය කර තිබේ. දැරිය රැගෙන ගිය පාපතර පුද්ගලයා ත්‍රිරෝද රථ කාර්මිකයකු ලෙස සේවය කරන නලින් පියදර්ශන නමැත්තෙකි.



ඔහු මීට පෙර සිය බිරිඳට පහර දී අඩන්තේට්‌ටම් කිරීමේ වරදට බන්ධනාගාරගතව සිටි අයකු බවත් ඔහු මියගිය දැරියගේ පවුලේ අය සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයකු බවත් ඔහු සිය බිරිඳ හා දරුවා අතහැර හුදකලාව ගත කළ පුද්ගලයකු බවත් අනාවරණය වී තිබේ.

මොහු මත්පැන් පානයට ලොල්වූවකු බව ද ප්‍රදේශවාසීහු පවසති.

මෙම දැරියට දැඩි ආදරෙන් සිට ඇති සැකකරු පෙරේදා සවස නිවසට පැමිණ දියතලාව යුද හමුදා කඳවුර සංවිධානය කරන පෙරහැරක්‌ නැරඹීමට යෑයි පවසා ඇය කැඳවාගෙන ගොස්‌ ඇත. මෙම ඝාතකයා දැරිය ඔහු හුදකලාව රැඳී සිටි නිවසට කැඳවාගෙන ගොස්‌ එහිදී එම දැරියට අතවර කර පසුව ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර ඔසවාගෙන ගොස්‌ අසල පිහිටි කුඹුරු යායක ඇති පැලක්‌ තුළ දමාගොස්‌ තිබේ.

දැරිය සවස නිවසට නොපැමිණි බැවින් කලබලයට පත් දෙමව්පියන් ප්‍රදේශවාසීන් හා දියතලාව පොලිසියේ නිලධාරීන් සමඟ පෙරේදා රාත්‍රිය පුරාම දැරිය සොයා තිබේ. යූරියා මල්ලකින් පැල තුළ වසා දමා තිබූ දැරියගේ මළ සිරුර ප්‍රදේශවාසීන් දැක ඇත්තේ එසේ සොයමින් සිටියදීය.

ඊයේ (19 දා) පෙරවරුවේ බදුල්ල පොලිස්‌ නිල සුනඛ අංශයේ පො.සැ. (19995) ජයතිස්‌ස මහතා විසින් නිල සුනඛ සැඩෝ යොදවා ඝාතනයට අදාළ තොරතුරු පරීක්‍ෂා කරන ලදී. දැරිය ඝාතනයට ලක්‌ වූ ස්‌ථානයේ සිට ඝාතකයා සොයා කුඹුරුයාය මැදින් දියතලාව ස්‌නයිපර් කඳවුර අසල වනය මැදට පැමිණි පොලිස්‌ නිල සුනඛ 'සැඩෝ' දියතලාව නගරය මැදින් දියතලාව අරක්‌කු තැබෑරුමට ගොස්‌ නැවත දියතලාව බස්‌ නැවතුම්පළ අසලට පැමිණ නැවතී තිබේ.

ඒ අනුව පොලිසිය ඔහු ප්‍රදේශය අතහැර ගොස්‌ ඇති බවට අනුමාන කරයි.

ඊයේ පෙරවරුවේ මළ සිරුර හමු වූ ස්‌ථානයට පැමිණි බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අරුණ වික්‍රමසිංහ මහතා දැරියගේ දේහය පිළිබඳව අධිකරණ ෙවෛද්‍ය පරීක්‍ෂණය පවත්වන ලෙස දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පාලිත බණ්‌ඩාර සුභසිංහ මහතාට නියෝග කළේය.

බණ්‌ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොෂාන් විෙ-සිංහ මහතාගේ උපදෙස්‌ පරිදි සහකාර පොලිස්‌ අධිකාරි (2) ඩබ්. එම්. විෙ-රත්න, දියතලාව පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. තිළිණ හෙට්‌ටිආරච්චි, උ.පො.ප. ජයවර්ධන, උ.පො.ප. ගුණවර්ධන, පො.සැ. (46776) අබේරත්න, පො.සැ. (46266) බණ්‌ඩාර, පො.කො. (40439) සිල්වා, පො.කො. (1338) ලීලසෝම, පො.කො. (13817) රත්නකුමාර, කා.පො.කො. (4583) කමනි යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

No comments:

Post a Comment