Monday, August 19, 2013
GOSSIP LANKA - කොටගල 'හිල්කූල්' රත්වෙයි තොණ්ඩමන්-දිගම්බරන් ආධාරකරුවෝ ගැටෙති
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු ජාතික සංගමයේ ආධාරකරුවන් අතර ඊයේ (19 වැනිදා) කොටගල කොමෂල් ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකින් වාහන 10කට සහ හෝටලයකට අලාභ හානි සිදුවී කිහිපදෙනකු තුවාල ලබා ඇත.
මෙහිදී ඇති වූ ගැටුමෙන් ලොරි රථයකට, වෑන් රථයකට, ජීප් රථයකට, කැබ් රථයකට සහ ත්‍රිරෝද රථ හතරකට සහ තවත් වාහන දෙකකට හානි සිදුවී තිබේ.
තොණ්ඩමන් මහතාගේ ආධාරකරුවන් මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදෙන අතරතුර 'හිල්කූල්' නමැති හෝටලයට ගොස් සිටියදී දිගම්බරන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් ද එහි ගොස් ඇත. එහිදී දෙපිරිස අතර බහින්බස් වීමකින් පසු ගැටුම සිදුවී ඇත්තේ ඉන් අනතුරුවය.
ගැටුම සිදුවන අවස්ථාවේ වෙඩි හුවමාරුවක් ද ඇති වූ බවට තොරතුරු ලැබී තිබූ අතර ඒ සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රී දිගම්බරන් මහතාගෙන් "දිවයින" කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
මම උදේ ජනාධිපතිතුමා හමුවී කොටගල පැත්තට යනකොට තොණ්ඩමන් මහතාගේ පක්ෂයේ ආධාරකරුවෝ පිරිසක් අපි ගිය වාහන වටකරල පොලුවලින් ගහන්න ගත්තා. සමහරු අතේ කඩු තියෙනවාත් දැක්කා.
ඒ අය අපිට ගහනකොට මගේ ආරක්ෂක නිලධාරීන් අහසට වෙඩි තබා මමයි, රාඡේන්ද්‍ර මන්ත්‍රීවරයයි අප සමඟ සිටි තව කීපදෙනකු ආරක්ෂා කරගෙන එතනින් ගියා. ආරක්ෂක නිලධාරීන් නැත්නම් අපිට තුවාල වෙනවා. පහරදීමෙන් අපේ තුන්දෙනෙක් තුවාල ලැබුවා. වාහන දහයකට පමණ අලාභහානි වුණා. අපිට පහර දීමට මඟ රැකගෙන සීයක් විතර පිරිසක් ඉන්නවා දැක්කා.
මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් හා දිඹුල පොලිසිවලට දෙපාර්ශවයම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර දිගම්බරන් මන්ත්‍රීවරයා පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment