Saturday, August 17, 2013

NEWS lANKA - ඇහෙන හෙන නෑ හෙන කතා තරු පෙනුන වන සරණ

ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ නවක අධ්‍යක්‍ෂවරයෙක්‌ මේ ළඟදී දවසක රූපවාහිනි නාලිකාවක තරු හය හතක්‌ පෙන්නන වැඩසටහනකට ගිහිල්ලා. මෙයා හැමෝටම හොරෙන් තමයි මේ සජීවී වැඩසටහනට ගිහින් තියෙන්නේ. එහෙම යන්න හේතුවකුත් තියෙනවා. මොකද මිනිහා ටෙලිනාට්‍ය කරන එකට අමතරව තමන්ගේ අහිංසක යාළුවන්ට ලණු දීලා විනෝද වෙන එකත් ජයටම කරගෙන යනවා. වැඩසටහන මෙහෙයවන නංගිටයි මල්ලිටයි මෙයාගේ විස්‌තර කියයි කියල තමයි මෙයා කාටත් හොරාම වැඩසටහනට ගියේ.

කොහොමින් කොහොමින් හරි රූපවාහිනි වැඩසටහන පටන් ගත්තා. දැන් මුළු රටම ඒක බලනවා. අර නංගිගෙයි මල්ලිගෙයි කටවල් දෙකට බ්‍රේක්‌ වදින්නෙම නැහැ. වැඩසටහන පටන් ගත්ත ගමන් ඒ දෙන්න තරුණ අධ්‍යක්‍ෂවරයගෙන් ඇහුව ප්‍රශ්නවලට බලන්හිටිය අයගේ ඇස්‌ යටිපතුල්වලට ආවා. මිනිහා හොරෙන් ගියාට කවුදො වැඩේ පත්තු කරලා කියල මිනිහට තේරුණා. ඒකට උත්තර දීගන්න බැරුව මිනිහා කෙඳිරිගානවා. ඇඹරෙනවා. ඇයි ඉතින් අහන්නේ එසේ මෙසේ ප්‍රශ්න නෙමෙයිනේ. ළිඳේ මාළුව නැති වුණ හැටි, මුගටියට කහ ගෑව හැටි, රහස්‌ බෙහෙත් වට්‌ටෝරු ගැන. මේවගෙ ප්‍රශ්න ගෝනියයි. හැබැයි ඒ වෙලාවේ මිනිහගේ මූණට දෙහිඇඹුල් මිරිකල වගෙයි. පෙනුණේ. අහිංසක යාළුවන්ට ලණු දීපු රඟේ මතක්‌ වෙන්න ඇති මයෙ හිතේ. වැඩසටහන ඉවර වෙලා මහ රෑ මෙයා වීථි පහනක්‌ යටට වෙලා කල්පනා කර කර හිටියලු. මෙච්චර හොරාට ඇවිල්ලත් එයා ගැන විස්‌තර කිව්වේ කවුද කියලා. මෙහෙම ටිකක්‌ බයිට්‌ වුණත් අලුත් අදහස්‌ තියෙන හොඳ ගමනක්‌ යන්න පුළුවන් තරුණ අධ්‍යක්‍ෂවරයෙක්‌ විදිහට තමයි මෙයාව ගොඩක්‌ අය අඳුනගෙන තියෙන්නෙ. ඒ වගේම තමයි විහිළු තහළු කළාට කාටවත් වරදක්‌ ඇති කෙනෙකුත් නෙමෙයි.

ආ... තවත් පුංචි දෙයක්‌ කියන්න අමතක වුණා. මෙයාට පුංචි පුංචි ළඳු කැලෑ පෙන්නන්න බැහැ. ඒ නිසාම යාළුවෝ මෙයාට ආදරේට කියන්නේ වන සරණ කියලා.

No comments:

Post a Comment