තම මවගේ දෙවැනි විවාහයේ සැමියා (බාප්පා) සහ පෙම්වතා අතින් දූෂණයට ලක්‌වූ පාසල් ශිෂ්‍යාවක් වාරියපොල ළමා හා පරිවාස කාර්යාලය වෙත යොමු කරන ලෙස රම්බඩගල්ල මහෙස්‌ත්‍රාත් ඩී. එම්. ඩී. පී. බණ්‌ඩාර මහතා නියෝග කළේය.
රම්බඩගල්ල ප්‍රදේශයේ විදුහලක ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාව 15 හැවිරිදිය. 19 හැවිරිදි තම යුද හමුදා පෙම්වතා සමග පසුගිය ඇසළ පෝය දින නිවසින් පලාගොස් ඇති ඇය නෙල්ලිගල විහාරස්‌ථානය අවට කැලෑවේදී
රිදීගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රම්බඩගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙම්වතා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් බාප්පා ඇප මත මුදාහරින ලෙසත් නියෝග කර ඇත.
රිදීගම පොලිසිය මගින් ශිෂ්‍යාව වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට ලබාගත් වෛද්‍ය වාර්තාවේ දැනට මාස හය හතකට ඉහතදී සිදුවූ දූෂණයක් සහ මෑතකදී සිදුවූ දූෂණයක් පිළිබඳව වාර්තා වී ඇතැයි පැවසේ.
එහිදී පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ශිෂ්‍යාව පවසා ඇත්තේ මාස හය හතකට ඉහතදී තම බාප්පා අතින් දූෂණයට ලක්‌වූ බවයි. ඇගේ පියා මව අත්හැර ගොස් ඇති අතර මව සිව්දරු මවකි.
රිදීගම පොලිසියේ ස්‌ථානාධිපති පො.ප. එච්. එම්. එම්. ජයතිලක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පො.ප. රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් (20449) සැරයන් ධර්මසිරි සහ (23849) සැරයන් නිමල් යන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවති.
No comments:
Post a Comment