Monday, July 29, 2013
GOSSIP LANKA - මහ ඇමැති බෝඩ් නැහැ දයාසිරි ජයසේකර
කවුද මහ ඇමැති කියලා මම නම් බෝඩ් ගහගන්නේ නැහැ. ජනතාව තමයි මහ ඇමැති තෝරන්නේ" යෑයි දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ජයසේකර මහතා මේ කරුණු ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ වාරියපොල නිවසේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා මෙසේ ද කීය. මම ජනාධිපතිතුමාට කිව්වේ නැහැ මහ ඇමැතිකම දුන්නොත් තමයි පාර්ලිමේන්තුවෙන් අස්වෙන්නේ කියලා. මම ජනාධිපතිතුමාට කිව්වේ මට වැඩ කරන්න අවශ්‍යයි කියලා. ජනාධිපතිතුමත් මධ්‍යම කාරක සභාවත් තීරණය කරයි වයඹ මහ ඇමැති කවුද කියලා. මහ ඇමැතිකම නම් කළේ නැහැ කියලා ගැටලුවක් නෑ.
ආර්. එම්. ඩබ්. බණ්ඩාර - කුරුණෑගල
"මම අනිවාර්යයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස ඉදිරිපත් වෙනවා" යෑයි වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විඡේසිංහ මහතා පෙරේදා (27 දා) කුරුණෑගල ජනකලා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.
වයඹ පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය ගැන මට කතා කරන්ට දෙයක් නෑ. අනිවාර්යයෙන්ම මා ජයග්‍රහණය කරනවා. සෑම අපේක්ෂකයකුගේම සිහිනය තමයි මහ ඇමැතිවරයා වීම. එක මහ ඇමැතිවරයකු නේ ඉන්නේ. ඒක මහජනතාවගේ මතය අනුව තීන්දු වෙයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment