මෛත්රි ගුණරත්න මහතාගේ පෙළපාලියට මාතර නගරයේ දී වෙඩි තැබීම හේතුවෙන් බද්දේගම එජාප සංවිධායක දකුණු පළාත් සභා මන්ත්රි නිෂාන්ත පද්මකුමාර (රත්තරන්)ඉන්දික සිල්වා සහ දිලුම් පද්මසිරි යන අයට වෙඩි වැදී රෝහලට ඇතුළත් කර තිබේ. නිෂාන්ත පද්මකුමාර මහතා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් දෙදෙනා මාතර රෝහලේ ප්රතිකාර ලබති.
මෛත්රි ගුණරත්න සහ ශිරාල් ලක්තිලක මහත්වරුන් පෙරටු කරගත් පෙරළපාලිය විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට එරෙහි සටන් පාඨ කියමින් මාතර නගරයේ නගර සභාව ඉදිරිපිටට පැමිණෙමින් සිටි
අවස්ථාවේ සැඟ වී සිටි මැර කණ්ඩායමක් වෙඩි තැබීම නිසා මාතර නගර සභාවේ ඕවර්සියර්වරයකු වන ඩබ්.ඒ. දිලුම් පද්මසිරි , දකුණු පළාත් සභා මන්ත්රි නිෂාන්ත පද්මකුමාර සහ ඉන්දික සිල්වා යන අයට වෙඩි වැදී ඇත. වෙඩි ප්රහාරය සමග පොලු රැගත් කණ්ඩායමක් පෙළපාලියට සහ මහමග ගමන් කරමින් සිටි පිරිසට ප්රහාර එල්ල කරන්නට පටන් ගැනීමත් සමග නගරය කැළඹී ගියේය.දෙවිනුවර දී මංගල සමරවීරගේ පෙළපාලිකරුවන් පොලු ප්රහාරයක් එල්ල කිරීම නිසා මෛත්රි ගුණරත්නගේ පෙළපාලිකරුවන්ද ඉදිරියට ගොස් ඇත්තේ පොලු රැගෙන බව වාර්ථා වේ. මාතරදී මැර කල්ලිය පොලු ප්රහාරය එල්ල කරත්ම මෛත්රිගේ පෙළපාලිකරුවන්ද පෙරළා පොලු ප්රහාර එල්ල කරන්නට පටන් ගෙන තිබේ. මේ නිසා ජනතාව හිස් ලූලූ අත දිව යද්දී බොහෝ දෙනා අත තිබූ බෑග්,ගමන් මලු ආදියද මහමග වැටිණ. සමහරු දුවන්නට පටන් ගෙන ඇත්තේ හැඳ සිටි සරොම්ද බිම දමාය. එසේ මහමග වැටී තිබූ සරොම් දෙකක් දකින්නට ලැබුණි.පැය භාගයකට ආසන්න කාලයක් මාතර නගරය යුද පිටියක වෙස් ගත්තේය. ප්රහාරකයන්ගේ පොලු පහරවලින් පෙළපාලිය ඉදිරියෙන් ගමන් කළ 53-1855 දරන ප්රචාරක රථයටද බරපතල හානි සිදු වී තිබෙනු දකින්නට ලැබිණ. පොලු පහර වැදුන කිහිප දෙනෙක් මාතර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මේ වනවිට මාතර නගරය යළි සන්සුන් වී ඇති අතර මෛත්රි ගුණරත්න ඇතුළු පෙළපාලිය කඹුරුගමුව ප්රදේශය හරහා ගමන් කරමින් සිටී.
Verry excellent story. This story has increase my knowledge. So thanks for this story.
ReplyDelete