දෙමාපිය විරෝධය නොතකා දියණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය හතළිස් හැවිරිදි දෙදරු පියකුට එම තරුණියගේ පියා විසින් ඇසිට් ගසා අලවංගුවකින් පහරදී අරණායක ප්‍රදේශයේදී ඝාතනය කර ඇත.
අරණායක දෙබත්ගම උඩබාගේ ප්‍රදේශයේදී පෙරේදා (28 වැනිදා) රාත්‍රි මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ අලපලාවල වතුර ප්‍රදේශයේ පදිංචි තුෂාර සම්පත් කුමාර නමැති දෙදරු පියෙකි.
සිද්ධියට සම්බන්ධ බව කියන තරුණියගේ පියා වන පනස්හතර හැවිරිදි පුද්ගලයා අරණායක පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත අරණායක පොලිස් ස්ථානාධිපති බුද්ධි පාදෙණිය මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
No comments:
Post a Comment