Saturday, August 3, 2013

Gossip lanka - ගුරුවරයාගේ අයුතු චෝදනාව නිසා සිසුවිය දිවි නහගෙන

ආණමඩුව ප්‍රදේශයේ විදුහලක 10 ශ්‍රේණියේ වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවක පසුගියදා නිවසේදී ගෙල වැලලාගෙන මියගොස්‌ තිබිණි.
මෙසේ මියගොස්‌ ඇත්තේ ආණමඩුව තට්‌ටෑව ප්‍රදේශයේ පදිංකාරිනියකි.
දිවි නසා ගැනීමට මත්තෙන් ඇය ලියූ ලිපියක් හමු වී තිබේ.
එහි සඳහන් වන පරිදි පන්ති භාර ගුරුතුමා තමන් පාසලෙන් පිටත පිරිමි ළමයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන යන බව පාසලේ කාර්යාලයට ගෙන්වා පැවසූ බවත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඇගේ දෙමාපියන් කැඳවා ගෙන එන ලෙස පවසා ඇත.

එහෙත් තමන් එසේ කිසිම ප්‍රේම සම්බන්ධයක්‌ නොපැවැත්වූ බවත් ඇය විසින් ලියා ඇති ලිපියේ සඳහන් වේ. ඒ නිසා ඇති වූ කළකිරීම මත ඇය මෙසේ දිවිනසා ගන්නට ඇතැයි සැකකෙරේ.
සිද්ධිය සම්බන්ධ හදිසි මරණ පරීක්‍ෂණය වඩත්ත - කොට්‌ටුකච්චිය හදිසි මරණ පරීක්‍ෂක ඒ. එච්. එම්. සෝමරත්න මහතා විසින් පවත්වන ලද අතර, මෙය ගෙල සිරවීමෙන් සිදුවූ ස්‌වභාවික මරණයක්‌ බවට තීන්දු කර තිබේ.

No comments:

Post a Comment